Thursday, May 9, 2013

සිසුනට දුන් වතුර බටෙන් නිවාසෙට වතුර අරන්


 කොන්ගල්ල දෙමළ මහා විද්‍යාලයට ලබාදී ඇති ජල සැපයුම් පද්ධතිය තුළින් වසර ගණනක් එහි සිසුන්ට ජලය ලබා නොදී එම ජල සැපයුම් පද්ධතිය නීතිවිරෝධිව සිය ගුරු නිවාසයට යොදා ගනිමින් රුපියල් නව ලක්ෂ විසිතුන් දහසකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් එම විද්‍යාලයේ විදුහල්පතිනිය ඊයේ (08) මහනුවර කොට්ඨාස වංචා විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර විදුහල්පතිනිය ඊයේ සවස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
පොලිසියට ලද පෙත්සමක් ඔස්සේ දිගු කලක් සිදුකළ පරීක්ෂණවලින් පසු ඊයේ (08) සැකකාර විදුහල්පතිනිය අත්අඩංගුවට ගැනිණි. රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය ඔස්සේ වංචාවට ලක්කිරීම සම්බන්ධයෙන් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ විදුහල්පතිනියට මේ සම්බන්ධ අධ්‍යාපන අංශ නිලධාරින් විසින් කිහිපවරක් අවවාද කිරීම්ද සිදුකැර ඇති බැව් අනාවරණය වේ.
සැකකාර විදුහල්පතිනියගේ මෙම ක්‍රියාව නිසා පාසැල් සිසු දරු දැරියනට පානීය ජල අවශ්‍යතාව සපුරා ගැනීම පසුගිය වකවානුවේ දැඩි ප්‍රශ්නයක් වී තිබූ බවටද තොරතුරු හෙළිවේ.

මුලාශ්‍රය දිනමිණ  

No comments:

Post a Comment