Sunday, June 2, 2013

Sharuk Khan Discharged from Hospital

MORE PICTURES

තව පින්තූර 

Sanka Dineth's Studio

MORE PICTURES

තව පින්තූර 

World Hotest Curry

ලොව ‘‘සැරම‘‘ ව්‍යංජනය  

ලොව ‘‘සැරම‘‘ ව්‍යංජනය ලබා ගැනීමට හැකි බව පැවසෙන ඉන්දීය අවන්හලක් ගැන ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයෙන් වාර්තා වේ.
‘‘පාල්‘‘ ලෙස හැදින්වෙන මේ ව්‍යංජනය සෑදීමට ලොව සැර අධිකම මිරිස් වර්ග 8 ක් භාවිතා කරන බව සදහන්ය.ඒවායින් එක් වර්ගයක් වන ‘‘බූට් නාගා ජොලොකියා‘‘ නම් මිරිස් වර්ගය ඉන්දීය හමුදාවන් විසින් කදුළු ගෑස් නිපදවීමට පවා භාවිතා කරන බව පැවැසේ.
ව්‍යංජනය පිළියෙල කිරීමේදී කෝකියන්ට මුහුණු ආවරණ පවා පැළැදීමට සිදුවේ.ඒ ව්‍යංජනය එතරම්ම සැර වන බැවිනි.
මේ ව්‍යංජනය මස්,එළවළු වැනි තවත් ආහාරයක් සමග පිළිගන්වනු ලබයි.මිල සදහන් වන්නේ ඩොලර් 21(රුපියල් ) ලෙසය.
ව්‍යංජනය යොදාගෙන ආහාර අනුභව කළ පාරිභෝගිකයන් කිහිපදෙනෙකුම රෝහල් ගත  කිරීමට පවා සිදුවූ බව අවන්හලේ කළමණාකරු ඩිරාජ් ටිවාරි පවසයි.ඇතැමුන් අඩමින් කෑම ගන්නා බවත් තවත් සමහරු කෑම ගන්නා අතරතුර ක්ලාන්තය දමා වැටෙන බවත් ඔහු කියයි.පෞද්ගලිකව තමාටත් මේ ව්‍යංජනයට අතවත් තැබිය නොහැකි යැයි ඩිරාජ් පවසන්නේ සිනාමුසුවය.
සාර්ථකව ව්‍යංජනය සමග ඔට්ටු වන පාරිභෝගියන්ට නොමිලයේ බීර වීදුරුවක් හා සහතික පත‍්‍රයක් ලබාදෙන බව ඩිරාජ් කියයි.නමුත් මේ දක්වා අභියෝගය ජයගත් කිසිවෙකුත් ගැන වාර්තාවක් නම් නැත.