Gossip Lanka News KaiKathandara
Sri Lankan up to date gossip, news, cartoon and information archive.
Sunday, June 2, 2013
World Hotest Curry
ලොව ‘‘සැරම‘‘ ව්‍යංජනය
ලොව ‘‘සැරම‘‘ ව්‍යංජනය ලබා ගැනීමට හැකි බව පැවසෙන ඉන්දීය අවන්හලක් ගැන ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයෙන් වාර්තා වේ.
‘‘පාල්‘‘ ලෙස හැදින්වෙන මේ ව්‍යංජනය සෑදීමට ලොව සැර අධිකම මිරිස් වර්ග 8 ක් භාවිතා කරන බව සදහන්ය.ඒවායින් එක් වර්ගයක් වන ‘‘බූට් නාගා ජොලොකියා‘‘ නම් මිරිස් වර්ගය ඉන්දීය හමුදාවන් විසින් කදුළු ගෑස් නිපදවීමට පවා භාවිතා කරන බව පැවැසේ.
ව්‍යංජනය පිළියෙල කිරීමේදී කෝකියන්ට මුහුණු ආවරණ පවා පැළැදීමට සිදුවේ.ඒ ව්‍යංජනය එතරම්ම සැර වන බැවිනි.
මේ ව්‍යංජනය මස්,එළවළු වැනි තවත් ආහාරයක් සමග පිළිගන්වනු ලබයි.මිල සදහන් වන්නේ ඩොලර් 21(රුපියල් ) ලෙසය.
ව්‍යංජනය යොදාගෙන ආහාර අනුභව කළ පාරිභෝගිකයන් කිහිපදෙනෙකුම රෝහල් ගත කිරීමට පවා සිදුවූ බව අවන්හලේ කළමණාකරු ඩිරාජ් ටිවාරි පවසයි.ඇතැමුන් අඩමින් කෑම ගන්නා බවත් තවත් සමහරු කෑම ගන්නා අතරතුර ක්ලාන්තය දමා වැටෙන බවත් ඔහු කියයි.පෞද්ගලිකව තමාටත් මේ ව්‍යංජනයට අතවත් තැබිය නොහැකි යැයි ඩිරාජ් පවසන්නේ සිනාමුසුවය.
සාර්ථකව ව්‍යංජනය සමග ඔට්ටු වන පාරිභෝගියන්ට නොමිලයේ බීර වීදුරුවක් හා සහතික පත‍්‍රයක් ලබාදෙන බව ඩිරාජ් කියයි.නමුත් මේ දක්වා අභියෝගය ජයගත් කිසිවෙකුත් ගැන වාර්තාවක් නම් නැත.
Friday, May 31, 2013
ලක්ෂ 3ක් අල්ලස් ගත් සිද්ධිය
ලක්ෂ 03ක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන හෝමාගම දිසා අධිකරණයේ විනිසුරු සුමිත් අබේසිංහ මහතා ලබන මස 03 වනදා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (30) නියම කළේය. සැකකාර විනිසුරු සුනිල් අබේසිංහ මහතා ඊයේ (30) සවස 6.30ට පමණ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගේ නිල නිවසට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.
විනිසුරුවරයා ඉදිරියේ විභාගවන නඩුවක් දිනවා දීම සඳහා මෙසේ අල්ලස් ලබා ගත් බවට අල්ලස් කොමිසම වාර්තාවක් මගින් මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු ඉදිරිපත් කර තිබිණි.
හංවැල්ල ප්‍රදේශයේ පැමිණිලිකාරිය ගේ නිවසේ දී විනිසුරුවරයාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියා මගින් ලක්ෂ 03ක අල්ලස් මුදලක් ලබා ගන්නා අවස්ථාවේ 29 වන දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබිණ. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ හෝමාගම පොලිස්ථානයට අනුයුක්තව සේවය කරන ගොඩගම කැන්දලන්ද 170/1, පදිංචි පො.කො. 60305 එම්. මහින්ද කිත්සිරි හා හෝමාගම දිසා විනිසුරු පිටකෝට්ට බැද්දගාන පදිංචි එච්.සී. සුනිල්වික්‍රම අබේසිංහ යන අයවළුන්ය.
මෙම සිද්ධියේ පැමිණිලිකාරිය වන්නේ අංක 90/1 සියරට හෝටලය ඇඹුල්ගම හංවැල්ල පදිංචි දීපිකා ශ්‍යාමලී ජයවීර නැමැත්තියයි.
මව් සෙනෙහස කොහේ ගියා
මෙය පසුගිය 16 වැනි දින ගලේවෙල සමථ මණ්‌ඩලයේ සාමාජිකයෝ ඉදිරියේ දී සිදුවූ අනිවේදනීය සිද්ධියකි.
දියණියක් විසින් මවකට විරුද්ධව කළ පැමිණිල්ලක් පොලිසියෙන් සමථයකට පත්කිරීමට නොහැකි වූ තැන සමථ මණ්‌ඩලයට යොමු කර තිබ්බා. මවට වයස අවුරුදු 50 කි. දියණියට අවුරුදු 26 ක් පමණ වේ. ඇය හැඩකාරය. කටකාරය. මවට ඇති චෝදනාව දියණියට පහරදීමක් සම්බන්ධයෙනි.
පැමිණිල්ල විභාග කිරීමට පටන් ගත්තේය.
දියණියක් විසින් මවකට විරුද්ධව කළ පැමිණිල්ලක් පොලිසියෙන් සමථයකට පත්කිරීමට නොහැකි වූ තැන සමථ මණ්‌ඩලයට යොමු කර තිබ්බා. මවට වයස අවුරුදු 50 කි. දියණියට අවුරුදු 26 ක් පමණ වේ. ඇය හැඩකාරය. කටකාරය. මවට ඇති චෝදනාව දියණියට පහරදීමක් සම්බන්ධයෙනි.
පැමිණිල්ල විභාග කිරීමට පටන් ගත්තේය.
Thursday, May 30, 2013
11 හැවිරිදි මයිකල් පැයට සැතපුම් 90ක් වේගයෙන් රිය පදවයි
අධීවේගී මාර්ගයේ පැයට සැතපුම් 90ක් වේගයෙන් රිය පදවාගෙන ගිය පියා සිහිසුන්වු අවස්තාවේ ඔහුගේ ඔඩොක්කුවට පැන සුක්කානම අතට ගෙන සැතපුම් 10ක් රිය පදවා තිදෙනෙකුගේ ජීවීත බේරාගත් 11 හැවිරිදි පුතෙකුට ඇරිසෝනා පොලීසිය වීර සම්මානයක් පිරිනැමීය.
පියා අධිවේගී මාර්ගයේ රිය පදවාගෙන යද්දී ඉදිරිපස අසුනේ සිටියේ 11 හැවිරිදි මයිකල්ය.පිටුපස අසුනේ ඔහුගේ සොහොයුරිය වන 13 හැවිරිදි කයිලා සිටියාය.
සිසු දන්සලට තණකොළ
වෙසක් උත්සව වෙනුවෙන් පාසල් ළමයින් සංවිධානය කළ වෙසක් කලාපයක බත් දන්සලකට එකතු කළ භාණ්ඩ අතර තණකොල මිටියක් තබා දුන් කොළඹ පාසලක සහකාර විදුහල්පතිවරයකු ගැන පරීක්ෂණයක් පවත්වන්නැයි අදි සිසුවෝ ද ගුරුවරු ද ඉල්ලති.
මේ විද්‍යාලයයේ මෙවර වෙසක් කලාපය වෙනුවෙන් බීම, අයිස්ක්‍රීම්, කඩල හා බත් දන්සල් පැවැත්විණි.
විද්‍යාලයයේ එක් එක් අංශ එක්ව බීම, අයිස් ක්‍රීම් හා කඩල දන්සල් පැවැත්වූ අතර බත් දන්සල පැවැත්වීම ආදි ශිෂ්‍ය සංගමය මගින් ඉටු කිරීමට සංවිධායකයෝ තීරණය කර ඒ සඳහා විද්‍යාලයයේ හය සහ හත ශ්‍රේණිවල සිසුන්ගේ දායකත්වය ද ලබා ගැනීමට කටයුතු කර තිබිණි.
භාෂා 25 ක් දත් ගිරවා - සිනා කතා
ප්‍රේමයෙන් මුසපත්ව හුන් පෙම්වතා තම පෙම්වතියගේ 21 වෙනි උපන් දිනය සඳහා මිලෙන් ඉතා අධික එමෙන්ම භාෂා 25 ක් පමණ කතා කල හැකි පොල් ගිරවෙකු තෑගී කළේය. පසු දින උදයේ තමා දුන් වටිනා ත්‍යාගය ගැන දැන ගැනීම සඳහා පෙම්වතා පෙම්වතියගෙන් මේසේ ඇසීය.
පෙම්වතා: කොහොමද සුදු මම ඔයාට දුන්න උපන් දින තෑග්ග ....ඔයා ඒකට කැමතිද ?
පෙම්වතිය: ආනේ..... නැතුව ..ඒක නම් සුපර්බ්........අපේ කෝකියා ඌව රසට...... උයලා
තිබ්බා. ඔයාට තෑන්ක් යූ සෝ මච්.......... !
Baby rescued from a toilet sewage pipe in China - Video
චීනයේ වැසිකිළි නළයක සිරවී සිටි ළදරුවා
චීනයෙ මහල් නිවාස සංකීර්ණයක වැසිකිළි නළයක සිර වී සිටි ළදරුවකු චීන පොලිසිය විසින් බේරා ගෙන ඇත. වැසිකිළි නළයකින් ළදරුවකු හඬන ශබ්දයක් සවනය වීම නිසා මහල් නිවාස වාසීහු පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු එම නළය කැපූ ගිණි නිවන භටයෝ දෙදිනක් වයසැති ළදරුවකු බේරා ගෙන තිබේ.
ආරක්ෂක හිස්වැස්ම බොක්සිං වළල්ලෙන් ඉවතට
අන්තර් ජාතික බොක්සිං ක්‍රීඩාවේ ජනප්‍රියත්වය වැඩි කිරීමේ අරමුණින් ලෝක බොක්සිං වළල්ලෙන් ආරක්ෂක හිස්වැස්ම ඉවත්කිරීමට අන්තර් ජාතික ආධුනික බොක්සිං සංගමය තීරණය කර තිබේ.
ජූනි මස 1වැනිදා සිට ක්‍රියාත්මක වන නව නීතිය පිරිමි තරග ඉසව්වට පමණක් අදාල වන බව ද එම සංගමය නිවේදනය කළේය. ඒ අනුව කාන්තා හා පාසල් බොක්සිං තරග සඳහා තවදුරටත් ආරක්ෂක හිස්වැස්ම පැළඳීමේ නීතිය ක්‍රියාත්මක වනු ඇත.
බොක්සිං වළල්ලේ දී ක්‍රීඩකයන්ගේ හිසට සිදුවන අනතුරු අවම කිරීමේ අරමුණින් 1980 වසරේ දී ලෝක බොක්සිං සංගමය විසින් පනවනු ලැබූ ආරක්ෂක හිස්වැසුම් පැළඳීමේ නීතිය ඊට වසර 33කට පසුව ඉවත් කරනු ලැබුවේ ද ක්‍රීඩකයන්ගේ හිසට සිදුවන අනතුරු අවම කිරීමේ පියවරක් වශයෙන් බව එම සංගමය සඳහන් කරයි. එම සංගමයේ වෛද්‍ය කමිටුව කරනු ලැබූ සමීක්ෂණයක දී අනාවරණය වී ඇත්තේ ආරක්ෂක හිස්වැස්ම පැළඳ ක්‍රීඩා කිරීමේ දී හිසට සිදුවන අනතුරු වැඩිවී ඇති බවය.
Subscribe to:
Posts (Atom)