අන්තර් ජාතික බොක්සිං ක්‍රීඩාවේ ජනප්‍රියත්වය වැඩි කිරීමේ අරමුණින් ලෝක බොක්සිං වළල්ලෙන් ආරක්ෂක හිස්වැස්ම ඉවත්කිරීමට අන්තර් ජාතික ආධුනික බොක්සිං සංගමය තීරණය කර තිබේ.
ජූනි මස 1වැනිදා සිට ක්‍රියාත්මක වන නව නීතිය පිරිමි තරග ඉසව්වට පමණක් අදාල වන බව ද එම සංගමය නිවේදනය කළේය. ඒ අනුව කාන්තා හා පාසල් බොක්සිං තරග සඳහා තවදුරටත් ආරක්ෂක හිස්වැස්ම පැළඳීමේ නීතිය ක්‍රියාත්මක වනු ඇත.
බොක්සිං වළල්ලේ දී ක්‍රීඩකයන්ගේ හිසට සිදුවන අනතුරු අවම කිරීමේ අරමුණින් 1980 වසරේ දී ලෝක බොක්සිං සංගමය විසින් පනවනු ලැබූ ආරක්ෂක හිස්වැසුම් පැළඳීමේ නීතිය ඊට වසර 33කට පසුව ඉවත් කරනු ලැබුවේ ද ක්‍රීඩකයන්ගේ හිසට සිදුවන අනතුරු අවම කිරීමේ පියවරක් වශයෙන් බව එම සංගමය සඳහන් කරයි. එම සංගමයේ වෛද්‍ය කමිටුව කරනු ලැබූ සමීක්ෂණයක දී අනාවරණය වී ඇත්තේ ආරක්ෂක හිස්වැස්ම පැළඳ ක්‍රීඩා කිරීමේ දී හිසට සිදුවන අනතුරු වැඩිවී ඇති බවය.
එහෙත් ආරක්ෂක හිස්වැස්ම පැළඳීමේ නීතිය ඉවත්කිරීම ක්‍රීඩාවට එතරම් හිතකර නොවන බව මෙරට බොක්සිං ක්‍රීඩා ක්ෂේත්‍රයේ හිටපු ජ්‍යෙෂ්ඨතම නිලධාරීයකු හා බොක්සිං ක්‍රීඩා ඉතිහාසඥයකු වන ඩොනල්ඩ් මුණසිංහ මහතා 'දිනමිණ' කළ විමසුමක දී සඳහන් කළේය.
ආරක්ෂක හිස්වැස්ම පැළඳීමේ නීතිය බොක්සිං ක්‍රීඩාවට ඉතා උචිත දෙයක්.
හිසට පහරදීම බොක්සිං ක්‍රීඩාව අනුව නීතිවිරෝධි වුනත් එවැනි පහරදීම් අපට ඕනෑතරම් දකින්නට ලැබෙනවා.
එවැනි අවස්ථාවල දී ආරක්ෂක හිස්වැස්ම එම ක්‍රීඩකයාගේ හිසට සිදුවන අනතුරු අවම කරන බව අමුතුවෙන් කියන්න ඕනේ නෑ. ලෝක බොක්සිං සංගමය මේ නිතිය ඉවත් කරන්න තීරණය කරලා ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂක කමිටුවේ නිර්දේශ මත විය යුතුයි. ඒත් එවැනි නිර්දේශයක් ලබාදීම ක්‍රීඩකයන්ට එතරම් හිතකර නෑ. ' මුණසිංහ මහතා කීවේය.
කෙසේවෙතත් ලබන ජූලි මස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලේටන් කුසලාන තරගාවලියේ සිට එම නීතිය මෙරට බොක්සිං වළල්ලේ ක්‍රියාත්මක වීමට නියමිතය.
ෆවුස් මොහොමඩ්
No comments:
Post a Comment