අධීවේගී මාර්ගයේ පැයට සැතපුම් 90ක් වේගයෙන් රිය පදවාගෙන ගිය පියා සිහිසුන්වු අවස්තාවේ ඔහුගේ ඔඩොක්කුවට පැන සුක්කානම අතට ගෙන සැතපුම් 10ක් රිය පදවා තිදෙනෙකුගේ ජීවීත බේරාගත් 11 හැවිරිදි පුතෙකුට ඇරිසෝනා පොලීසිය වීර සම්මානයක් පිරිනැමීය.
පියා අධිවේගී මාර්ගයේ රිය පදවාගෙන යද්දී ඉදිරිපස අසුනේ සිටියේ 11 හැවිරිදි මයිකල්ය.පිටුපස අසුනේ ඔහුගේ සොහොයුරිය වන 13 හැවිරිදි කයිලා සිටියාය.
අතරමගදී පියා සිහිය නැතිව ගිය අතරේ ඒ බව දුටු මයිකල් පියාගේ ඔඩොක්කුවට පැන සුක්කානම අල්ලා ගත්තේය. සොහොයුරිය කයිලා 911 දුරකතන අංකයෙන් හදිසි ඇමතුම් ඒකකය ඇමතුවාය.
හදිසු ඇමතුම් ඒකකයේ නිලධාරීන්ට දොලෝරත්විය. ඔවුහු පොලිස් නිලධාරීන්ටත් දන්වා රිය ගමන්කරමින් සිටින ස්ථානය නිරීක්ෂණය කළාය. හදිසි ඇමතුම් ඒකකයේ නිලධාරීන් කයිලාට රිය වේගය පාලනය කිරීමට උපදෙස් දුන්නාය.
ඒ අනුව ඇක්සිලේටරය පාගෙන තිබු පියාගේ පාදය මයිකල් සෙමින් ඉවත් කරමින් පිවිසුම් මාර්ගයක් අසලින් මෝටර් රථය හරවා නවත්වා ගැනීමට මයිකල්ට හැකි විය. ඒවන විටත් පොලීසිය සුදානම්න් සිටියේය.
පියා රෝහල රැගෙන ගිය අතර ඔහුගේ රුධිර සීනී ප්‍රමාණය පහළ වැටී තිබු බව හෙළි විය. මයිකල් සහ කයිලා ඇරිසෝනා පොලීසියට කැඳවාගෙන ගොස් ඔවුන් දෙදෙනාට පොලිස් වීර සම්මානයක් පිරිනැමීය.
No comments:
Post a Comment