Thursday, May 30, 2013

Baby rescued from a toilet sewage pipe in China - Video

චීනයේ වැසිකිළි නළයක සිරවී සිටි ළදරුවා

චීනයෙ මහල් නිවාස සංකීර්ණයක වැසිකිළි නළයක සිර වී සිටි ළදරුවකු චීන පොලිසිය විසින් බේරා ගෙන ඇත. වැසිකිළි නළයකින් ළදරුවකු හඬන ශබ්දයක්‌ සවනය වීම නිසා මහල් නිවාස වාසීහු පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු එම නළය කැපූ ගිණි නිවන භටයෝ දෙදිනක්‌ වයසැති ළදරුවකු බේරා ගෙන තිබේ.

මේ ළදරුවාව වැසිකිළි නළයට දැමූ මව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයට එරෙහිව මිනී මැරීමට තැත් කිරීම සම්බන්ධව නඩු පවරන බව පොලිසිය කියා සිටී. මෙම ළදරුවා දිවි ගලවා ගැනීම විශ්මය ජනක ක්‍රියාවක්‌ යෑයි වෛද්‍යවරු පවසති.


No comments:

Post a Comment