මෙය පසුගිය 16 වැනි දින ගලේවෙල සමථ මණ්‌ඩලයේ සාමාජිකයෝ ඉදිරියේ දී සිදුවූ අනිවේදනීය සිද්ධියකි.
දියණියක් විසින් මවකට විරුද්ධව කළ පැමිණිල්ලක් පොලිසියෙන් සමථයකට පත්කිරීමට නොහැකි වූ තැන සමථ මණ්‌ඩලයට යොමු කර තිබ්බා. මවට වයස අවුරුදු 50 කි. දියණියට අවුරුදු 26 ක් පමණ වේ. ඇය හැඩකාරය. කටකාරය. මවට ඇති චෝදනාව දියණියට පහරදීමක් සම්බන්ධයෙනි.
පැමිණිල්ල විභාග කිරීමට පටන් ගත්තේය.
දියණියක් විසින් මවකට විරුද්ධව කළ පැමිණිල්ලක් පොලිසියෙන් සමථයකට පත්කිරීමට නොහැකි වූ තැන සමථ මණ්‌ඩලයට යොමු කර තිබ්බා. මවට වයස අවුරුදු 50 කි. දියණියට අවුරුදු 26 ක් පමණ වේ. ඇය හැඩකාරය. කටකාරය. මවට ඇති චෝදනාව දියණියට පහරදීමක් සම්බන්ධයෙනි.
පැමිණිල්ල විභාග කිරීමට පටන් ගත්තේය.
සමථ මණ්‌ඩල සාමාජිකයා - දැන් තමුන් (දියණියගෙන්) මොකද කියන්නේ.
දියණිය - මට පහරදුන් මෙයාගෙන් රුපියල් දසදහසක (රු. 10,000/-) වන්දියක් ඕනෑ. නැත්නම් සමාදාන වෙන්නේ නෑ. නඩු කියනවා.
සමථ මණ්‌ඩල සාමාජික - දස මසක් කුසේ තබාගෙන දහදුක් විඳ කවා පොවා හදා වඩා ලොකු මහත් කළ තමන්ගේ අම්මා වෙනුවෙන් මුදල් ගන්න පුළුවන්ද.
දියණිය - මට ඔය බණවලින් වැඩක් නෑ. මුරණ්‌ඩු ලෙස ඇයි පැවසුවාය.
මව - වැඩක් නෑ. සර් මම දුව ඉල්ලන මුදල දෙන්නම්. ඇය සිය පසුම්බිය ගෙන රුපියල් දස දහසක මුදල දියණිය අත තැබුවේ මවු සෙනෙහස නාඳුනන දියණියකගේ තරම විදහා පාමිනි.
සමථ සාමාජික - දැන් හරිනේ.., ඉදිරියේ දී සිංහල අලුත් අවුරුද්දක් ලබනවනේ දැන් අම්මට වැඳලවත් යන්න... දියණිය මව දෙස නුරුස්‌නා බැල්මක් හෙළා ඉවත බලාගත්තාය. ඇයගේ සැමියාද මවට වඳින ලෙස පෙරැත්ත කළත් ඇය එය තරයේ ප්‍රතික්‍ෂේප කළාය.
"මේ සිද්ධිය බලා සිටි තමන්ගේ පුතාට අනාගතයේදී මෙය පූර්වාදර්ශයක් වේවි. වැදූ අම්මට මෙහෙම කළා නම්... ඇතැම් විට අද තමුන්ගේ මවගෙන් ලබාගත් රුපියල් ශතවලට වඩා අනාගතයේදී කඳුළු සලන්නට වේවි. දැන් යන්නට පුළුවන්. සමථ මණ්‌ඩල සාමාජිකයා පැවැසීය.
මව - කමක් නෑ මම වෛර කරන්නේ නැ, කියමින් ඇඳ සිටි ඔසරි පොටෙන් දෙනෙතින් ආ කඳුළු පිසදාගනිමින් පැවසුවේ දුටුවන්ගේ නෙත් තෙවෙනි තෙත් කරවමිනි.
"අනේ අපොයි මෙහෙම දරුවෝ..." එහි සිටි වැඩිහිටියෙක් කියනු ඇසිණි.
(මෙය සත්‍ය සිදුවීමකි)
No comments:
Post a Comment