Friday, May 31, 2013

ලක්ෂ 3ක් අල්ලස් ගත් සිද්ධිය

ලක්ෂ 03ක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන හෝමාගම දිසා අධිකරණයේ විනිසුරු සුමිත් අබේසිංහ මහතා ලබන මස 03 වනදා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (30) නියම කළේය.  සැකකාර විනිසුරු සුනිල් අබේසිංහ මහතා ඊයේ (30) සවස 6.30ට පමණ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගේ නිල නිවසට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.
විනිසුරුවරයා ඉදිරියේ විභාගවන නඩුවක් දිනවා දීම සඳහා මෙසේ අල්ලස් ලබා ගත් බවට අල්ලස් කොමිසම වාර්තාවක් මගින් මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු ඉදිරිපත් කර තිබිණි.
හංවැල්ල ප්‍රදේශයේ පැමිණිලිකාරිය ගේ නිවසේ දී විනිසුරුවරයාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියා මගින් ලක්ෂ 03ක අල්ලස් මුදලක් ලබා ගන්නා අවස්ථාවේ 29 වන දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබිණ. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ හෝමාගම පොලිස්ථානයට අනුයුක්තව සේවය කරන ගොඩගම කැන්දලන්ද 170/1, පදිංචි පො.කො. 60305 එම්. මහින්ද කිත්සිරි හා හෝමාගම දිසා විනිසුරු පිටකෝට්ට බැද්දගාන පදිංචි එච්.සී. සුනිල්වික්‍රම අබේසිංහ යන අයවළුන්ය.
මෙම සිද්ධියේ පැමිණිලිකාරිය වන්නේ අංක 90/1 සියරට හෝටලය ඇඹුල්ගම හංවැල්ල පදිංචි දීපිකා ශ්‍යාමලී ජයවීර නැමැත්තියයි.

මව් සෙනෙහස කොහේ ගියා

මෙය පසුගිය 16 වැනි දින ගලේවෙල සමථ මණ්‌ඩලයේ සාමාජිකයෝ ඉදිරියේ දී සිදුවූ අනිවේදනීය සිද්ධියකි.

දියණියක්‌ විසින් මවකට විරුද්ධව කළ පැමිණිල්ලක්‌ පොලිසියෙන් සමථයකට පත්කිරීමට නොහැකි වූ තැන සමථ මණ්‌ඩලයට යොමු කර තිබ්බා. මවට වයස අවුරුදු 50 කි. දියණියට අවුරුදු 26 ක්‌ පමණ වේ. ඇය හැඩකාරය. කටකාරය. මවට ඇති චෝදනාව දියණියට පහරදීමක්‌ සම්බන්ධයෙනි.

පැමිණිල්ල විභාග කිරීමට පටන් ගත්තේය.

Thursday, May 30, 2013

Ven.Bowatte Thera's Funeral Photos

MORE PICTURES

තව පින්තූර 

11 හැවිරිදි මයිකල් පැයට සැතපුම් 90ක් වේගයෙන් රිය පදවයි

අධීවේගී මාර්ගයේ  පැයට සැතපුම් 90ක් වේගයෙන් රිය පදවාගෙන ගිය පියා  සිහිසුන්වු අවස්තාවේ  ඔහුගේ ඔඩොක්කුවට පැන සුක්කානම අතට ගෙන  සැතපුම් 10ක් රිය පදවා තිදෙනෙකුගේ ජීවීත බේරාගත් 11 හැවිරිදි  පුතෙකුට ඇරිසෝනා  පොලීසිය  වීර සම්මානයක්  පිරිනැමීය.
පියා අධිවේගී මාර්ගයේ  රිය පදවාගෙන  යද්දී  ඉදිරිපස අසුනේ සිටියේ  11 හැවිරිදි  මයිකල්ය.පිටුපස අසුනේ  ඔහුගේ සොහොයුරිය වන 13 හැවිරිදි කයිලා සිටියාය.

සිසු දන්සලට තණකොළ

වෙසක් උත්සව වෙනුවෙන් පාසල් ළමයින් සංවිධානය කළ වෙසක් කලාපයක බත් දන්සලකට එකතු කළ භාණ්ඩ අතර තණකොල මිටියක් තබා දුන් කොළඹ පාසලක සහකාර විදුහල්පතිවරයකු ගැන පරීක්ෂණයක් පවත්වන්නැයි අදි සිසුවෝ ද ගුරුවරු ද ඉල්ලති.
මේ විද්‍යාලයයේ මෙවර වෙසක් කලාපය වෙනුවෙන් බීම, අයිස්ක්‍රීම්, කඩල හා බත් දන්සල් පැවැත්විණි.
විද්‍යාලයයේ එක් එක් අංශ එක්ව බීම, අයිස් ක්‍රීම් හා කඩල දන්සල් පැවැත්වූ අතර බත් දන්සල පැවැත්වීම ආදි ශිෂ්‍ය සංගමය මගින් ඉටු කිරීමට සංවිධායකයෝ තීරණය කර ඒ සඳහා විද්‍යාලයයේ හය සහ හත ශ්‍රේණිවල සිසුන්ගේ දායකත්වය ද ලබා ගැනීමට කටයුතු කර තිබිණි.

භාෂා 25 ක් දත් ගිරවා - සිනා කතා

ප්‍රේමයෙන් මුසපත්ව හුන් පෙම්වතා තම පෙම්වතියගේ 21 වෙනි උපන් දිනය සඳහා මිලෙන් ඉතා අධික එමෙන්ම භාෂා 25 ක් පමණ කතා කල හැකි පොල් ගිරවෙකු තෑගී කළේය. පසු දින උදයේ තමා දුන් වටිනා ත්‍යාගය ගැන දැන ගැනීම සඳහා පෙම්වතා පෙම්වතියගෙන් මේසේ ඇසීය.
පෙම්වතා: කොහොමද සුදු මම ඔයාට දුන්න උපන් දින තෑග්ග ....ඔයා ඒකට කැමතිද ?
පෙම්වතිය: ආනේ..... නැතුව ..ඒක නම් සුපර්බ්........අපේ කෝකියා ඌව රසට...... උයලා
තිබ්බා. ඔයාට තෑන්ක් යූ සෝ මච්.......... !

Vehicle permit for provincial council members - Joke


Baby rescued from a toilet sewage pipe in China - Video

චීනයේ වැසිකිළි නළයක සිරවී සිටි ළදරුවා

චීනයෙ මහල් නිවාස සංකීර්ණයක වැසිකිළි නළයක සිර වී සිටි ළදරුවකු චීන පොලිසිය විසින් බේරා ගෙන ඇත. වැසිකිළි නළයකින් ළදරුවකු හඬන ශබ්දයක්‌ සවනය වීම නිසා මහල් නිවාස වාසීහු පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු එම නළය කැපූ ගිණි නිවන භටයෝ දෙදිනක්‌ වයසැති ළදරුවකු බේරා ගෙන තිබේ.

ආරක්ෂක හිස්වැස්ම බොක්සිං වළල්ලෙන් ඉවතට

අන්තර් ජාතික බොක්සිං ක්‍රීඩාවේ ජනප්‍රියත්වය වැඩි කිරීමේ අරමුණින් ලෝක බොක්සිං වළල්ලෙන් ආරක්ෂක හිස්වැස්ම ඉවත්කිරීමට අන්තර් ජාතික ආධුනික බොක්සිං සංගමය තීරණය කර තිබේ.
ජූනි මස 1වැනිදා සිට ක්‍රියාත්මක වන නව නීතිය පිරිමි තරග ඉසව්වට පමණක් අදාල වන බව ද එම සංගමය නිවේදනය කළේය. ඒ අනුව කාන්තා හා පාසල් බොක්සිං තරග සඳහා තවදුරටත් ආරක්ෂක හිස්වැස්ම පැළඳීමේ නීතිය ක්‍රියාත්මක වනු ඇත.
බොක්සිං වළල්ලේ දී ක්‍රීඩකයන්ගේ හිසට සිදුවන අනතුරු අවම කිරීමේ අරමුණින් 1980 වසරේ දී ලෝක බොක්සිං සංගමය විසින් පනවනු ලැබූ ආරක්ෂක හිස්වැසුම් පැළඳීමේ නීතිය ඊට වසර 33කට පසුව ඉවත් කරනු ලැබුවේ ද ක්‍රීඩකයන්ගේ හිසට සිදුවන අනතුරු අවම කිරීමේ පියවරක් වශයෙන් බව එම සංගමය සඳහන් කරයි. එම සංගමයේ වෛද්‍ය කමිටුව කරනු ලැබූ සමීක්ෂණයක දී අනාවරණය වී ඇත්තේ ආරක්ෂක හිස්වැස්ම පැළඳ ක්‍රීඩා කිරීමේ දී හිසට සිදුවන අනතුරු වැඩිවී ඇති බවය.

ප්‍රේමය බිඳී ගියෑයි පෙම්වතිය සහ ඇගේ මව මරා දමයි



අනුරාධපුර පරණ නුවර පාරේ අභයපුර ප්‍රදේශයේ නිවසකට පෙරේදා (28 දා) රාත්‍රි කඩා වැදුණු තිස්‌ හැවිරිදි තරුණයකු විසින් එකම පවුලේ මවක සහ දියණියක කැත්තකින් කපා කොටා ඝාතනය කොට ඇත.

හෝමාගම දිසාවිනිසුරු අල්ලස් ගනී

හෝමාගම දිසා අධිකරණයේ විනිසුරුවරයා අල්ලස් හෝ දුෂණ කොමිසමේ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (29) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.
විනිසුරුවරයා ඉදිරියේ විභාග වන නඩුවක් දිනවාදීම සඳහා විනිසුරුවරයාගේ පෞද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියා මගින් වගඋත්තරකාරියකගෙන් රුපියල් ලක්ෂ තුනක අල්ලස් මුදලක් ඉල්ලා එය ලබාගන්නා අවස්ථාවේදීම මෙසේ අල්ලස් දැලට කොටුවී ඇත.
මෙම නඩුව දිසා විනිසුරුවරයා ඉදිරියේ අද (30) විභාග වීමට නියමිතව තිබිණි. හෝමාගම ප්‍රදේශයේ ලැගුම්හලක් පිහිටි ඉඩමක් සම්බන්ධව එම ප්‍රදේශයේම හිමිනමක් විසින් ඉහත කී වගඋත්තරකාරියට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

Wednesday, May 29, 2013

ඇමතිවරුන්ගේ විදුලි බිල රජයෙන් ගෙවීම මහජන නියෝජිතයන්ට ලැබෙන වරප‍්‍රසාදයක්

ඇමතිවරුන් විදුලි බිල ගෙවිය යුතු බවට එක් එක් ස්ථානවල සිට මඩ නොගසා සියලූ දෙනාම එක්වී ඒ පිළිබඳව නීත්‍යානුකූල වූ තීරණයක් ගත යුතු බව කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ගාමි ර්‍ණ ලොකුගේ මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සහ විපක්ෂ නායකවරයාට ලබාදෙන වරප‍්‍රසාද පිළිබඳව සාකච්ඡුා කරන්නේ පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේදී බවද ඔහු පවසා සිටියේය. මෙම ගෘහකාරක සභාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයකම නියෝජිතයෙක් සිටින බවත්, මෙම කමිටුවේ සභාපතීත්වය දරන්නේ කථානායකතුමා බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
මේ රටට නිදහස ලැබීමෙන් පසු සෑම මන්ත‍්‍රීවරයෙකුගේම නිල නිවසේ මෙන්ම විපක්ෂ නායක නිල නිවසේද විදුලිබිල ගෙවා දමන්නේ රජයෙන් බවත්, එය මහජන නියෝජිතයන්ට ලැබෙන වරප‍්‍රසාදයක් බවද ඔහු පවසා සිටියේය.

මිනී පෙට්ටි අපිට එපා

හැටන්, කොටගල නගරයේදී අද (29) විවෘත කිරීමට සැලසුම් කර තිබූ, අවමංගල්‍ය ශාලාවකට රැගෙන එමින් තිබූ මිනී පෙට්ටි 25 ක් රැ‍ගත් ලොරියක් සමග එහි රියදුරු පොලිස් භාරයට ගෙන තිබේ. තලවාකැලේ, ලිදුල විවිධ සේවා සමූපකාර සමිතිය මගින් කොටගල නගරයේ
නුවරඑළිය ප්‍රාදේශිය සභා කාර්යාලය ඉදිරිපිට පිහිටි එම සමිතියට අයත් ගොඩනැගිල්ලක අද පෙරවරුවේ අවමගල්‍ය භාණ්ඩ වෙළඳ සලක් විවෘත කිරීමට නියමිතව තිබිණ. මිනී පෙට්ටි සාප්පුවක් විවෘත කිරීමට එරෙහිව මහජන විරෝධයක් පැවති නිසා නගරයේ වෙනත් ස්ථානයක එය විවෘත කරන ලෙස තලවාකැලේ, ලිදුල සමූපකාර සමිතියේ සභාපතිවරයාගෙන් නුවරඑළිය ප්‍රා‍දේශිය සභාවේ සභාපති එස්. සදාසිවම් හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වී.රාමක්‍රිෂ්ණා යන මහත්වරුන් ඉල්ලීමක් කර ඇත. විරෝධතා කරුවන් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගය හරස් කිරීම හේතුවෙන් එම මාර්ගයේ ඊයේ (28) රාත්‍රී 9.00 සිට 11.00 දක්වා වාහන ධාවනයට බාධා පැමිණ තිබුණි. මාර්ගය අවහිර කරමින් සිටි පිරිස

ලෝකයේ බලවත්ම මුදල් ඒකකය - චීන යුවානය

HSBC බැංකු හී සභාපති ඩග්ලස් ෆින්ට් පසුගියදා ලන්ඩන් හී දී පවසා සිටියේ 2015 අග භාගය පමණ වන විට යුවානය ලෝකයේ වැඩිපුර භාවිතා කරන මුදල් ඒකකය වන බව ඔහු විශ්වාස කරන බවයි. චීනය සමග ව්‍යාපාර කරන  ඕනෑම අයෙකු ගනුදෙනු කරනුයේ යුවානය භාවිතා කර හෙයින් එසේ සිදුකරන සියලූ දෙනාට මෙය දැකගත හැකි බව ඔහු පවසයි. චීනය සමග ඉදිරියේදී ගනුදෙනු කිරීමට බලාපොරොත්තු වන සියලූම ව්‍යාපාරිකයන් යුවනය භාවිතා කිරීම වාසිදායක බව ඔහුගේ අදහස විය.

රෝ සහ ස්ලිංගා

මාලිංග එළියට එයි. "අහ්... මාලිංග මහත්තයා...." කියා නිර්භීත මාධ්‍යවේදියෙකු කිසිදු බියකින් තොරව අසා සිටියේය. "ඇයි මීට කලින් මාව දැකලා නැද්ද... වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න..." කියා මාලිංග කාර් එකේ නැගී යන්නට ගියේය. අර නිර්භීත මාධ්‍යවේදියාට මෙන්ම මාධ්‍යයට ගැරහූ මාලිංගට එරෙහිව පෑන් අමෝරාගෙන පත්තර පිටු පුරාද, රූපවාහිනී පුරාද පුවත් නොසෑහෙන්න ගලා ගියේය. අවසානයේ මාලිංගට විනය පරීක්ෂණයක්ද පැවත්වුණි. ඒ පළමු පුවතයි.
රෝහිත රාජපක්ෂ රග්බි විනිසුරුවරයාට පහර දුන්නේ දෙනෝදාහක් බලාගෙන සිටියදීය. ඉහත කී මාධ්‍යවේදීන්ද එය දකින්නට ඇත. මාලිංගට එරෙහිව නීර්භීත වූ ඔවුහු, රෝහිත ඉදිරියේ දෙකට නැමුණි. ලියූ ඒවාද ප්‍රධාන කතෘගේ මේසයෙන් කුණු කූඩයට හැලුණි. විනය පරීක්ෂණ කිසිවක් නොමැතිව ඉන් පසු දිනයේදී ඩේලි මිරර් පුවත්පතෙන් මාතෘකාව වෙනතට ගැනීමට සම්මුඛ සාකච්ඡාවක්ද ලබාදුනි. ඒ දෙවන පුවතයි.

ලොව ශක්තිජනකම පානයක් - පොල් වතුර

පොල් වතුර ලෝකයේ ඉහළ පෝෂණ ගුණයකින් යුත් ශක්තිජනක පානයක් ලෙස රටවල් කිහිපයක කරන ලද පර්යේෂණවලින් හඳුනාගෙන ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසයි.

එහි අධ්‍යක්‍ෂ ආචාර්ය ජයන්ත ගුණතිලක මහතා පැවැසුවේ පොල් වතුරවල පොටෑසියම් හා ඛනිජ ඇති නිසා ක්‍රීඩකයන්ගේ බීමක් ලෙස පොල් වතුර හඳුනාගෙන ඇති බවයි.

ස්වභාවිකව ලැබීම, ඉහළ පෝෂණ ගුණය, නැවුම් බවින් යුක්ත වීම, සෞඛ්‍යයට ඉතාමත් හිතකර පානයක් වීම වැනි ගුණාංග නිසා පොල් වතුරවලට ඇමෙරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ජපානය හා මැදපෙරදිග රටවලින් ඉහළ ඉල්ලුමක් ඇතිවී ඇති බවත් ඇසුරුම් කළ පොල් වතුර පැකට් එකක් (ට්‍රෙන්ටා පැක්) ඇමෙරිකන් ඩොලර් පහක් වැනි මුදලකට එම රටවල අලෙවි වන බවත් ඒ මහතා කීය.

Vesak Celebrations 2013

MORE PICTURES

තව පින්තූර 

කටාර් රටේ ගෑනුන්ට බුදු රුව ඇති බ්ලවුස්


කටාර් රාජ්‍ය තුළ බෙදා හැරෙන බුදු රුව සහිත කාන්තා  බ්ලවුසයක් උකුවෙල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකඛාධිකාරි ශාස්ත්‍රපති මාඋස්සාවේ අග්ගධම්ම හිමියන් අතට පත්ව ඇත. කටාර් රාජ්‍යයේ කර්මාන්ත ශාලාවක කළමණාකරුවකු සතුව තිබූ එම බ්ලවුසය එහි සේවය කළ මාතලේ,රෙඩ්බානාගම,පදිංචි සමන් අසේල මහතාවිසින් ශාස්ත්‍රපති මාඋස්සාවේ අග්ගධම්ම හිමියන් වෙත අද (29) උදැසන බාරදී තිබේ. සමන් අසේල මහතා එම බ්ලවුසය බාරදෙමින් කියා සිටියේ කටාර් රට තුළ බුදු දහමට නිගරු කිරීමේ මෙවැනි දේ  සිදු වෙන බවයි. 

චීන වැඩබිමේ මුළුතැන් ගෙයි ගෝන මස්‌

මොරගහකන්ද මහවැලි වැඩබිමේ චීන සමාගමක මුළුතැන්ගෙය ඊයේ (28 දා) පරික්‍ෂාවට ලක්‌කිරීමේදී එහි තිබී ගෝන මස්‌ කිලෝ 30 ක්‌ සමඟ වැඩබිමේ ප්‍රධාන නිලධාරි චීන ජාතිකයා අත්අඩංගුවට ගත් බව ඇලහැර වනජීවී අඩවි ආරක්‍ෂක නිලධාරී විරසේන මහතා "දිවයින"ට පැවසීය.

වැඩබිමේ චීන ජාතිකයන් දිගින් දිගටම අවට වනාන්තරයෙන් වනසතුන් දඩයම් කරන බවටත් පිඹුරන්, තලගොයන්, ඉබ්බන් වැනි සතුන් ප්‍රදේශවාසීන්ගෙන් මිලදී ගන්නා බවටත් ලැබී තිබූ තොරතුරු මත මෙම වැටලීම සිදු කළ බවද විරසේන මහතා පැවසීය. වැටලීම් සිදුකරන අවස්‌ථාවේදී මුළුතැන්ගෙයි සේවය කළ චීන ජාතික කාන්තාවන් සිව්දෙනකුගෙන්ද ප්‍රකාශ ලබාගත් බවත් එම අවස්‌ථාවේ සැඟව සිටි වැඩබිම් ප්‍රධානියා මහත් ආයාසයකින් අත්අඩංගුවට ගත් බවත් වනජීවී නිලධාරියා සඳහන් කළේය.

Tuesday, May 28, 2013

Upeksha Swarnamalini's New Photos - Paba in Thailand

More Pictures

තව පින්තූර 

මහ දවාලේ ලක්ෂ හැත්තෑවක් කොල්ලකති

ජාඇල පිහිටි සුප්‍රසිද්ධ ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන්ට ගෙවීම සඳහා රැගෙන ආ රුපියල් හැත්තෑ ලක්ෂයක් අද (28) දහවල් 1.45ට පමණ ආයුධ සන්නද්ධ කල්ලියක් විසින් කොල්ලකා පළා ගෙස් තිබේ. මෙම ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන්ට වැටුප ලබා දීම සඳහාබැංකුවෙන් මුදල් ලබා ගැනීමට එහි උසස් නිලධාරින් කිහිප දෙනෙකු මෝටර් රථයකින් බැංකුවට ගොස් තිබේ. මුදල් ලබා ගැනීමෙන් පසු යළි කම්හල වෙත පැමිණ ඇති අතර කම්හලේ ගේට්ටුව අසලදී එක්වරම සුදු පැහැති වෑන් රථයක් මෝටර් රථයට මග හරස් කර නවතා තිබේ. අනතුරුව ඉන් බැසගත් ආයුධ සන්නද්ධ පිරිස මුදල් අසුරා තිබූ බෑගය කොල්ලකා පළා ගොස් ඇති බව ජාඇල පොලිසිය කියයි.

බිම්මල්වලට ෆෝමලින්

වෙළෙඳපොළේ අලෙවි කෙරෙන බිම්මල්වලට මළමිනීවලට යොදන පෝමැල්ඩිහයිට් (ෆෝමලින්) රසායනික දියරය යොදන බව හෙළිවී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාකඳුර ගොවි කටයුතු පර්යේෂණාගාරයේ පර්යේෂණ සහකාර අශෝක ගුණතිලක මහතා කියයි.

බිම්මල්වලට (හතු) ඇතුළු වෙන ඩේ‍රාසසිලා  නමැති මැස්සකුගෙන් ඒවා ආරක්‍ෂා කිරීමට මේ රසායන දියරය යොදන බවද ප්‍රදේශ කීපයක වෙළෙඳසල් ගණනාවකින් ගත් බිම්මල් සාම්පල් රැසක් ගෙන ගොස් පැවැත්වූ පර්යේෂණවලින් එම කරුණු අනාවරණය වූ බවද විස සහිත එම රසායනිකය අඩංගු බිම්මල් ආහාරයට ගත් විට බඩවැලේ තුවාල ඇතිවන බවද වකුගඩු ආබාධ ඇතිවන බවද එසේම විවිධ රෝග වැලඳෙන බවද ඒ මහතා කීය.

2014 පළමු ශ්‍රේණියේ පංතියක ශිෂ්‍ය සංඛ්‍යාව 40ට සීමා වේ

ලබන වසරේ සිට පාසල්වල පළමු ශ්‍රේණියේ පංතියක ශිෂ්‍ය සංඛ්‍යාව හතළිහකට සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

ඉදිරි වසර තුන ඇතුළත පංතියක ශිෂ්‍ය සංඛ්‍යාව 35 කට සීමා කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති නියෝගය අනුව ඉහත තීරණය ගෙන ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේය.


ශ්‍රී ලංකා-පාකිස්තාන ක්‍රිකට් තරගය පාවාදීමේ කුමන්ත්‍රණය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක රටාව පැත්තකට නම්මා ගැනීමට උපකාරි වීම වෙනුවෙන් 10,000 (ඩොලර් 15,139)ක මුදලක් ලබා දීමට තමාට යෝජනා කෙරුණු බව හිටපු තරග විනිසුරු ජෝන් හෝල්ඩර් පවසයි.
මේ යෝජනාව කෙරුණේ සාජාහි පැවැති ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරගයක් සම්බන්ධයෙන් බව ටෙස්ට් තරග 11ක් විනිශ්චය කළ හෝල්ඩර් අනාවරණය කරයි.
“ලකුණු 85ක සබඳතාවක් පිහිටුවීම සඳහා මා කෙසේ හෝ ශ්‍රී ලංකා පිතිකරුවන්ට අවස්ථාව ලබා දුන්නොත් ඔවුන් මට මුදලින් 10,000ක් දෙන බව කීවා” 68 හැවිරිදි හෝල්ඩර් බී.බී.සී. ගුවන්විදුලියේ ‘ටෙස්ට් මැච් ස්පෙෂල්’ වැඩසටහනේදී කියා සිටියේය.
“ඔබ අල්ලා ගෙන ඉන්නේ වැරදි පුද්ගලයාවයි කියා මා කීවා.”

Monday, May 27, 2013

සිර ගෙදරදි ඉපදී වයස අවුරුදු 18 තෙක් එහිම

සිර ගෙදරදි ඉපදී වයස අවුරුදු 18 වන තෙක් එහිම හිඳ වයස අවුරුදු 18 දී සිරෙන් නිදහස් වී පසුව සිරගතව සිටි තම මව බේරාගත් පුතෙක් ගැන ඉන්දියාවෙන් වාර්තා වෙයි. ලෝකය පුරා ජනමාධ්‍යවල මේ කතාව හැඟීම් දනවන මානුෂීය කථාවක් සේ පැතිරෙයි.
ඉන්දියාවේ කාන්පුර්හි විජායි කුමාරි මිනීමැරුමට සැක පිට රිමාන්ඩ් බන්ධනාගාර ගත බව විට ගැබිණියක්ව සිටියාය. පසුව ඇය සිරගෙදරදීම පුතකු ප්‍රසූත කළ අතර දෙදෙනාම සිටියේ සිර ගෙදරය. ඒ ඇප මුදල් ගෙවා ගත නොහැකි වීම නිසාය. පසු කලෙක ඇගේ සැමියා ද ඇය අතහැර දැමුවේය. වයස අවුරුදු 11 වන තෙක් තම මව සමග සිරගෙදර සිටි පුතා පසුව ලන්නම් බන්ධනාගාරයට මාරු කළ අතර වයස අවුරුදු 18 වන තෙක් එහි සිට පසුව නිදහස් විය.

Parallel World - Cartoon

සමාන්තර විශ්වයකදී - කාටුන් 

මාධ්‍යය භාවිතයේ පරිචය

ඊයේ ඉන්ද්‍රරතන හිමියන් සිරුරට ගිනි තබාගත් අයුරු මම ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති වලින් දුටුවෙමි. උන්වහන්සේ පිළිබද දැඩි ශෝකය පරයමින් මට දැනුනේ අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පිළිබද වූ දැඩි පිළිකුලකි.

විද්‍යුත් මාධ්‍යයක් යනු රටටම ලෝකයටම මුහුණ දෙන්නකි. එබැවින් මාධ්‍ය හසුරුවන්නට තෝරා ගත යුත්තේ ඒ පිළිබද මනා අවබෝධයක් හා මාධ්‍යය භාවිතයේ පරිචයත්, සංයමයත් ඇති මාධ්‍ය වේදීන්ය. කෙටියෙන් කිව හොත් ජනමාධ්‍ය භාවිතය පිළිබද දැනුමක් ඇති මාධ්‍ය වේදීන්ය. එබන්දෙකුට පළමුවෙන්ම තිබිය යුත්තේ මාධ්‍ය ආචාර ධර්ම පිළිබද අවබෝධයයි. මාධ්‍ය ආචාර ධර්ම යනු කුමක්දැයි මෙහිදී විස්තර කරන්නට නොයමි. එහෙත් මාධ්‍යයක් තුළින් ජනතාවට දිය යුත්තේ මොනවාද, දිය නොහැක්කේ මොනවාද යන්න ගැන මාධ්‍යෙව්දියෙකුට අවබෝධයක් තිබිය යුතුය. ඒ අවබෝධය වර්තමාන මාධ්‍ය වේදීන් හට තිබෙන බවක් නම් පෙනෙන්නට නැත. මනුෂ්‍ය ඝාතන, අනතුරු, වැනි සිත් කම්පා කරවන දර්ශන, මනුෂ්‍ය සිත් කලබල කරවන, ප්‍රකෝප කරවන පුවත් ඉදිරිපත් කිරීම මාධ්‍ය ආචාර ධර්ම වලට පටහැනිය. එහෙත් අප මේ වන විට උදේ හවා අපේ විද්‍යුත් මාධ්‍ය තුලින් දකින්නේ එවන් දර්ශනයන්ය. අපේ රටේ මාධ්‍ය වේදීන්ට මාධ්‍ය සදාචාරය මතක් වෙන්නේ සරුවට විකුණා ගත හැකි පුවතක් ඉදිරියට ගෙන එන්නට නොහැකි වූ විටකදී හෝ තමන්ට අවාසි වන පුවතක් ඉදිරියට ගෙන එන්නට දායකත්වය සපයන්නට වූ විටකදී පමණකි.

Oldest women in the world

ලෝකයේ වයස්ගතම කාන්තාව ලෙස අවුරුදු 116ක් වයස බළන්ගමුවේ කෙහෙල්පන්නල අංක 82, නිවෙස් පදිංචි අප්පුලත්ලෑ උක්කු මහත්මියගේ නම ගිනස් වාර්තාවට එක් කරන ලෙස නීතිඥ හේමන්ත සිටුගේ මහතා ලෝක ගිනස් වාර්තාවේ බි්‍රතාන්‍ය සහ ඇමෙරිකාවේ කර්තෘවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
නීතිඥ සිටුගේ මහතා පසුගිය මැයි 22 වැනි දින මේ ඉල්ලීම කර ඇත. සිටුගේ මහතාගේ ලිපියේ සඳහන් වන්නේ ලෝකයේ වයස්ගතම කාන්තාව හැටියට ගිනස් වාර්තාවට සටහන් කිරීම පිළිබඳ සොයා බැලීමට ගිනස් වාර්තාවේ නියෝජිතයකු ලංකාවට එවන ලෙසය.
ලෝකයේ වයස්ගතම කාන්තාව ලෙස ගිනස් වාර්තාව පිහිටු වූ ඇමෙරිකාවේ ජෝර්ජියාහි බෙසි කුපර් මොන්රෝහිදී අභාවයට පත් වීමෙන් පසු ඊළඟට ලෝකයේම වයස්ගත කාන්තාව ලෙස පත් වූයේ අවුරුදු 114ක් වයසැති ජපානයේ මියාසෝ ඔකාවා මහත්මිය බවයි.

ඔබාමාගේ පරණ පෙම්වතිය

 


1979 වර්ෂ අවසානයේ පෑවති සංස්කෘතික උත්සවයක් අවස්ථාවෙදී ඈමරිකාවේ කළු ජාතික තරුණයකු හා ඔහුගේ මිතුරෙක් තම පෙම්වතිය  සමග ගත් ඡායාරුපයකි. ඉගෙනුමට මෙන්ම දක්ෂ කථිකත්වයකින් හෙබි එවකට 17 වැනි වියෙහි විසු කළු ජාතික තරුණයා අසල සිටිනුයේ මේගන් හුග්ස් නමැති ඔහුගේ පෙම්වතියයි. කාලය ගෙවිගොස්ය. එවකට 17වැනි වියෙහි පසුවු තරුණයා අද  ලෝකයට ගණන්කාරයා වන ඈමරිකාවේ ජනාධිපති බරක් ඔබාමාය. සුදු ජාතික පෙම්වතිය අද ඔහු අසල නෑත. මිශේල් ඔබාමා ඈගෙ තෑන ගෙන ඔබාමාගේ බිරිද වී සිටියි.

මුස්‌ලිම් පවුල් දරු දෙදෙනකුට පමණක්‌ සීමාවිය යුතුයි, ආණ්‌ඩුව කියයි

රෝහින්ගා මුස්‌ලිම්වරුන් දරුවන් දෙදෙනකුට පමණක්‌ සීමා විය යුතු බව බුරුම ආණ්‌ඩුව නිවේදනය කර ඇත.

එමෙන්ම මුස්‌ලිම්වරුන්ට බහු විවාහයද තහනම් කර ඇත.

අධික මුස්‌ලිම් ජනගහනය රකීන් ප්‍රාන්තයේ බෞද්ධ - මුස්‌ලිම් ගැටුම්වලට හේතුවක්‌ බැවින් මෙම තීරණය ගත් බව බුරුමයේ රකීන් ප්‍රාන්ත ආණ්‌ඩුව තීරණය කර ඇත.

රකීන් ප්‍රාන්තයේ මුස්‌ලිම් ජනගහන වර්ධන වේගය බෞද්ධ ජනගහන වර්ධන වේගයට වඩා දස ගුණයකි.

අනුරාධපුර නීතිඥවරයාගේ බෙන්ස්‌ රියට ගිනි තබලා

අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වන එම්. එන්. එන්. ඩබ්ලිව්. මාරසිංහ මහතාට අයත් රුපියල් අනූලක්‍ෂයක්‌ පමණ වටිනා මර්සිඩීස්‌ බෙන්ස්‌ වර්ගයේ මෝටර් රථය ඒ මහතාගේ නිවස අසල නවතා තිබියදී කිසියම් පුද්ගලයකු විසින් ඉකුත් 24 වැනිදා උදේ ගිනි තබා අලාභ හානි සිදුකොට ඇත.

නීතිඥ මාරසිංහ මහතාට අයත් අනුරාධපුර නගරයේ ජයන්ති මාවතේ පළමුවන පටුමගේ පිහිටි නිවස ඉදිරිපිට එම රථය ගාල්කොට වෙසක්‌ පෝය දින හිතවතුන් පිරිසක්‌ සමග වෙනත් රථයකින් පොළොන්නරුව සෝමාවතී චෛත්‍යය වැඳ පුදා ගැනීමට ගොස්‌ සිටියදී මෙසේ රථයට ගිනි තබා ඇත.

ගව ඝාතනයට එරෙහිව ගිනි තබා ගත් හිමිනමගේ මරණය

ඉකුත් 24 වැනිදා වෙසක්‌ පුන් පොහෝ දින මහනුවර දළදා මාලිගාව අබියසදී සිරුරට ගිනි තබාගත් බෝවත්තේ ඉන්ද්‍රරතන ස්‌වාමීන් වහන්සේ (31) දිවයිනේ සිදුවන ගව ඝාතනයට විරෝධය දක්‌වමින් විටින් විට විවිධ ක්‍රියමාර්ග ගත්හ. එහෙත් ඊට නිසි විසඳුමක්‌ ලැබුණේ නැත. මේ නිසා ජීවිතය පූජා කිරීමට ගත් උත්සාහය හා ඉන් අපවත්වීමත් සමග බොහෝ දෙනාගේ සිත් සතන් සලිත වී ගියහ. මේ පිළිබඳව එම ස්‌වාමීන් වහන්සේගේ උපන්ගම වූ බළන්ගොඩ බෝවත්ත ඉඳිගොල්ල ප්‍රදේශයේ පදිංචි එම හිමියන්ගේ මව ඇතුළු ඥතීහු මෙසේ අදහස්‌ දැක්‌වූහ.

ඉන්ද්‍රරතන හිමියන්ගේ මව වූ එම්. ඒ. මැගිලින් නෝනා (65) මහත්මිය සිය පුතුට සිදුවූ හානිය පිළිබඳ හැඬූ කඳුළින් මෙසේ ප්‍රකාශ කළාය.

Sunday, May 26, 2013

Comedy Stories - සිනා කතා

වෙන කරන්න දෙයක් නැහැ

උඩරට පළාතේ ගම් කීපයක දරු උපත් පිළිබඳ සමීක්ෂණයක යෙදී සිටි නිලධාරියා ඉන් එක් ගමක දරු උපත් අනෙක් ගම් හා සසඳද්දී ඉතා අස්වාභාවික ලෙස වැඩි ප්‍රවණතාවයක් දක්වන බැව් නිරීක්ෂණය කළේය. හේ එම ගමේ පිහිටි පාසලේ විදුහල්පති තුමා හමුවී ඒ පිළිබඳ විමසීමි.
’මේකනෙ මහත්තයො වැඩේ. මහත්තයා දකින්ඩ ඇතිනෙ මේ ගම මැදින් වැටිලා තියෙන රේල් පාර. ඒ රේල් පාර ආන් අර කඳු දෙක මැදින් යද්දි දිග බිංගෙයක් පහුකරගෙන යන්නෙ. උදේ පාන්දර 4.00 ට මේ ගම මැදින් යන කෝච්චිය ඔය බිංගෙට ඇතුල් වෙන්ඩ කලින් දිග හූවක් කියනවා.
ඒ හූවේ සද්දෙට නිදා ඉන්න මුළු ගමම ඇහැරෙනවා. ගම්මුන්ට ආයෙත් නිදා ගන්ඩ කල් මදියි. ඒ වගේම නැගිටින්ඩත් කල් වැඩියි. ඒ වෙලාවට කරන්ඩ කියල දෙයක් ඇත්තෙත් නැහැ. ඕන්න ඕකයි මේ ගමේ දරු උපත් වැඩි වෙන්ඩ හේතුව.’ විදුහල්පතිවරයා විස්තර කළේය.

To be closed

වැඩියෙන්ම පාඩු ලබන රාජ්‍ය ආයතන 

මේ වන විට රාජ්‍ය ආයතන 8 ක්‌ අක්‍රීයව ඇතැයි ද ඉන් හතරක්‌ ළඟදීම ඈවර කිරීමට (වසා දැමීමට) නියමිතව ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති සහ මුදල් හා ක්‍රමසම්පාදන ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට තිබිණි. ඒ එ.ජා.ප. කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. වසා දැමීමට යන ආයතන හතරේ සමස්‌ත අලාභය රු. 1984500,000 ක්‌ (රු. එකසිය අනූඅට කෝටි හතළිස්‌ පන් ලක්‍ෂයක්‌) බවද පවසා තිබූ අමුණුගම ඇමැතිවරයා තවදුරටත් පවසා තිබුණේ පාඩු ලබන ආයතන හතරක්‌ වසා දමා සෙසු ආයතන හතර යළි පිහිටුවීමට තීරණය කර ඇති බවයි.

Story of innocent child who died with father

පියා සමග මියගිය දරුවාගේ කතාව

 


කරුණාදාස තිස්‌සමහාරාමයට ආවේ මෙයින් අවුරුදු දහසයකට පෙරදීය. ඒ හේන් ගොවිතැන් කරනු සඳහා ය.

තිස්‌සමහාරාමයේ දී ඔහුට ජයන්ති ජයමාලා හමුවෙයි. ජයන්ති දරුවන් තිදෙනකු සමග අසරණව සිටි කාන්තාවකි. ඒ ඇගේ සැමියා ඇය අතැර ගොස්‌ සිටි හෙයිනි.

තමාගේ තනිකඩ ජීවිතයට පිළියමක්‌ ලෙස කරුණාදාස ජයන්තිව කසාද බැඳ ගත්තේ අවංක සිතිනි. ඒ අවංක කම කෙතරම්ද යත් ජයන්ති පෙර සැමියාගෙන් ලත් දරු තිදෙනාටද ඔවුන්ගේ පියා ලෙස සිය පෙළපත් නාමය දීමට තරම් ඔහු කරුණාවන්ත විය.

කරුණාදාස තමන්ගේ නොවන දරුවන්ට තම පෙළපත දුන්නා පමණක්‌ නොව හැබෑ ලෙසම ඔවුන්ට ආදරය කළේය.

Ven.Thera who burnt himself - Video

bkaor;k ysñhka .sks;ndf.k Ôú;h mß;Hd. l< whqre

New 55 Benz Cars for Commonwealth Meeting In Sri Lanka

පොදුරද මඬුලු සමුළුවට මර්සිඩීස් බෙන්ස් 55ක් එයි


ලබන නොවැම්බර් මස පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා නවතම මර්සිඩීස් බෙන්ස් (ඉ - 400) මෝටර් රථ 55ක් ගෙන්වීමට මුදල් අමාත්‍යංශය හා ලංකා බැංකුව කටයුතු කර ඇත. මේ මෝටර් රථ ආදර්ශය, මර්සිඩීස් බෙන්ස් සමාගමේ නවතම නිකුතුව වන අතර එය ලෝක වෙළෙඳපොළට ඉදිරිපත් කෙරෙනුයේද ලබන සැප්තැම්බර් මස වීමද විශේෂත්වයකි.

එහෙත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිවේදනයක් නිකුත්කරමින් පවසා සිටියේ, ඇතැම් මාධ්‍ය හා දේශපාලන පක්‍ෂ පවසන අන්දමට පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට අධික වියදමක් දරා බී.එම්.ඩබ්ලිව් (ඕර්එ) වාහන ගෙන්වීමට ආණ්ඩුව ක්‍රියාකරන බවට පැවැසීම සම්පූර්ණ අසත්‍ය බවයි. ආණ්ඩුව මෙසේ පැවැසුවද අදාළ මර්සිඩීස් බෙන්ස් රථ ගෙන්වීම මඟින් ආණ්ඩුවේ මේ ප්‍රකාශය අසත්‍යයක් බව තහවුරු වෙතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

විවාහය වෙලාවට වෙයි


සුගන්ධිකා පවුලක බර කරට ගන්න තරමේ වයසක නෙමෙයි නේද ඉන්නේ?

නෑ සුගන්ධිකා එදිනෙදා ජීවිතේ වගකීම් දරන්න පුළුවන් වයසකයි ඉන්නේ. සාමාන්‍ය ජීවිතේදීත් අපිට ඔය වයසට යම් යම් වගකීම් බාරවෙනවනේ. මෙතනදී තාත්තගෙ වියෝවත් අම්මගේ අසනීප තත්ත්වයත් නිසා පවුලේ වැඩිමලා හැටියට සුගන්ධිකාට පවුල් බර ඉසිලීම අනිවාර්ය වීමයි වෙන්නේ.

ආදරයත් ඒ අතරට එක්‌වුණු ප්‍රධාන ප්‍රශ්නයක්‌ නේද?

මම හිතන්නේ ඒ ආදරය සුගන්ධිකාට ශක්‌තියක්‌. එයාගේ ජීවිතේ මතුවන හැම ප්‍රශ්නයකින්ම බේරෙන්න පුළුවන් මට්‌ටමකයි ඒ ආදරය පවතින්නේ.

සැබෑ ජීවිතේදී ආශාට මෙවැනි ප්‍රශ්න කන්දරාවකට මුහුණ දෙන්න සිදුවුණොත්?
සුගන්ධිකා පසුපස නම් ඒ ප්‍රශ්න ජයගන්න යම්කිසි බලවේගයක්‌ පවතිනවා. ආශා එදිරිසිංහ කියන මට ඔයවගේ ප්‍රශ්න ආවොත් මොනව කරන්නද කියල හිතා ගන්නවත් බෑ. මොකද සුගන්ධිකාට වගේ බලවේගයක්‌ නැති නිසා.

සුගන්ධිකා වැනි දුගී පවුලක තරුණියකගේ චරිතයක්‌ ඔබ රඟපාන ප්‍රථම අවස්‌ථාව මෙයද?

මිහින් ලංකා මෑතකදී මිලට ගත් යානාවක් ධාවනයෙන් ඉවතට

ශ‍්‍රී ලංකාවේ දෙවන ගුවන් සමාගම වන මිහින් ලංකා ගුවන් සේවයට අයත් එම්.ජේ. 305 දරන ගුවන් යානය තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර තිබේ.
යානයේ එන්ජිමෙහි කාර්මික දෝෂයක් හේතුවෙන් ඊයේ දිනයේ ඉන්දියාවේ මදුරෙයි බලා පිටත් වීමට සූදානම්ව තිබූ මෙම යානය ගුවන්ගත කිරීම අත්හිටුවා තිබිනි.
මෙම යානය මෑතකදී මිහින් ලංකා සමාගමට මිලදී ගත් එකක් වන අතර එය එම සමාගම සතුව ඇති ‘ඒ – 320’ මාදිලියේ හොඳම ගුවන් යානය බව ද සඳහන් ය.

සම්බන්දිත පෙර ලිපි 

Last letter of the Ven.Thera who burnt himself

දළදා මාලිගය අසල ගිනි තියාගත් හිමිනමගේ  අවසාන ලිපිය

ගව ඝාතනයට එරෙහිව සිරුරට ගිනි තබා ගනිමින් සිය දිවි හානි කරගැනීමට පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ට අනුබල ලබාදුන් පුද්ගලයින් සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව පොලීසිය පැවසයි. සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් පුද්ගලයින් රැසකගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ගිනි තබා ගැනීම සිදුකළ ස්ථානයද පොලීසියේ විශේෂ පරීක්ෂාවකට ලක්කර තිබෙන බව පැවසේ. මීට අමතරව පෙට‍්‍රල් ලබාගත් ස්ථානය සහ උන්වහන්සේට ඊට උදවු කළ පුද්ගලයින් කවුරුන්දැයි සොයා විමර්ශන සිදුකරන බව වාර්තා වේ. 







Saturday, May 25, 2013

දළදා මාලිගය අසල ගිනි තියාගත් හිමිනම අපවත් වෙති

ගව ඝාතනයට විරෝධය දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට ක්වින්ස් හෝටලය අසල දී සිරුරට ගිනි තබාගත් බෝවත්තේ ඉන්දරතන හිමියන් මීට සුළු මොහොතකට පෙර අපවත් වූ බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පැවැසීය. 
මහනුවර දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ ඉදිරිපිටට පැමිණි මෙම හිමිනම එක්වරම පෙට්‍රල් හිසට හලාගෙන ගව ඝාතනයට මම විරුද්ධයි යනුවෙන් පවසමින් උන්වහන්සේ අත තිබූ ලයිටරයක් දල්වාගෙන සිරුරට ගිනි තබා ගෙන ඇත.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ අසල බෝධීන් වහන්සේ ඉදිරිපිටදී මෙරට ගව ඝාතනයට එරෙහිව හිමිනමක් (24) දා සිය සිරුරට ගිනි තබා ගනු ලැබිය.

IPL අවසන් තරඟය සජීවීව බලන්න

IPL Live Cricket Streaming Links

http://livecrickets.bollym4u.com/
http://www.boxtv.com/ipl/
http://cricket.watchcriclive.eu/

චෙන්නායි - මුම්බායි අවසන් මහ සටන හෙට

Indian Premier league final match scheduled tomorow

හයවැනි ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) අවසන් මහ තරගය චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර කොල්කටාහිදී හෙට (26) පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රි 8.00 ට ආරම්භ වීමට නියමිතය.
ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි මෙහෙයවන චෙන්නයි සුපර් කිංග්ස් පිල මීට පෙර 2010 සහ 2011 යන වසරවලදී පිට පිටම දෙවරක් ශූරයන් බවට පත්ව තිබේ. ප‍්‍රබල චෙන්නායි පිල මේ දක්වා පැවැති අයි. පී. එල්. තරගාවලි හයෙන් පහක අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ඇති අතර 2008 සහ 2012 වසරවලදී අනු ශූරයන් බවට පත්විය.
ඉන්දීය ප‍්‍රවේගකාරි පිතිකරුවකු වන රෝහිත් ශර්මා මෙවර නායකයා ලෙස කටයුතු කරන මුම්බායි ඉන්දියන්ස් පිල 2010 වසරේ අනු ශූරයන් බවට පත්ව තිබේ.   

මුදල් නොදුන් විට පැමිණිලිකරුගේ සහෝදරයකු අත්අඩංගුවට

ජනාධිපති විමර්ශන ඒකකයේ බව කියන සහකාර පොලිස් අධිකාරිවරයකු පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු ඇතුළු පිරිසක් වනාවිල්ලුව ප්‍රාදේශීය ලේකම් සහ වනාතවිල්ලුව පොලිසියේ පිරිසක් ද යොදාගෙන මැර පිරිසක් ලවා සමාගම සතු දේපොළ කොල්ලකෑමට තැත්කරන බවට වනාතවිල්ලුව, මොරපතාව පාරේ, ග්‍රීන්ෆීල්ඩ් ප්ලාන්ටේෂන් ඩිවෙලොප්මන්ට් ඇන්ඩ් මැනේජ්මන්ට් (පෞද්ගලික) සමාගමේ සහ එම සමාගමේ පොල් වගා කිරීමේ ව්‍යාපෘතියේ කළමනාකාර එච්.ඒ. අමිල දිනේෂ් ගුණවර්ධන මහතා පොලිස්පතිවරයාට පැමිණිලිකර තිබේ.

ජාතික හැඳුනුම්පත් අතින් ලිවීමෙන් අක්‍රමිකතා රැසක්

පුරවැසියන් කෝටි දෙකක් සඳහා නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පත් විස්තර අතින් ලිවීමේ අක්‍රමවත් ක්‍රමවේදයක් වසර 41 තිස්සේ ක්‍රියාත්මක වී ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

අතින් විස්තර ලිවීමේ ක්‍රමවේදය විශාල ප්‍රමාණයේ පොත්පත් 1,500කට සීමා වීම නිසා පසුගිය කාලසීමාවේදී විවිධ අක්‍රමිකතා සිදුවී ඇති බව හෙළි වී ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් සරත් කුමාර මහතා පැවැසීය.

එවැනි ක්‍රමවේදයක් මේ දක්වා පැවැතීම නිසා මෑතදී ව්‍යාජ ලෙස අයැදුම්පත් ඉදිරිපත් කර තිබූ පුද්ගලයන් රැසක් පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම සඳහා එම ලේඛන රහස් පොලිසියට භාරදී ඇති බවද කොමසාරිස්වරයා සඳහන් කෙළේය.

වැස්ස නිසා ලංවිම ලැබූ රු. බිලියන 17 ක ලාභ

ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය මේ වසරේ පළමු මාස 04 තුළ ඇතිවූ වර්ෂා තත්ත්වය නිසා විදුලිබල මණ්ඩලය ජලය උපයෝගී කරගෙන විදුලිය නිපදවීමේ අපේක්ෂිත ඒකක ප‍්‍රමාණයට වඩා විදුලි ඒකක ප‍්‍රමාණයක් නිපදවාගෙන තිබෙන බවත්, එහි වටිනාකම රුපියල් බිලියන 17 කට අධික බවත් ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරයේ උපදේශක බන්දුල චන්ද්‍රසේකර මහතා සඳහන් කළේය.
මේ වසරේ පළමු මාස 04 තුළ ජල විදුලියෙන් නිපදවීමට බලාපොරොත්තු වූ ඒකක සංඛ්‍යාව ගිගාවොට් පැව 710 ක් බවත් එහෙත් ඇතිවූ වැසි තත්ත්වය නිසා මෙම මාස 04 තුළ ගිගාවොට් පැය 1662 ක් නිපදවා තිබෙන බවත්, එලෙස නිපදවීමේදී අපේක්ෂිත ඒකක ප‍්‍රමාණයට වඩා විදුලිය නිපදවීම නිසා මෙම මුදල උපයාගෙන තිබෙන බවත් ඔහු කියා සිටියේය.
මේ නිසා මෙහි වාසිය ඒකක 60 සිට 180 දක්වා විදුලිය පරිභෝජනය කරන ජනතාවට ලබාදෙන ලෙසද උපදේශකවරයා සඳහන් කළේය.
මේ වසර තුළදී ජල විදුලිය උපයෝගී කරගෙන ගිගාවොට් පැය 2828 ක් නිපදවීමට අපේක්ෂා කළත්, ඇතිවූ වැසි තත්ත්වය නිසා එම ප‍්‍රමාණය ගිගාවොට් 4000 කට අධික වන බවද ඔහු ප්වසා සිටියේය.

මිහින් ලංකා ගුවන්යානය දෙපාරක් බස්සයි

මදුරෙයි බලා පිටත්වීමට සූදානම් වූ  මිහින් ලංකා ගුවන්සේවයට අයත් එම්.ජේ 305 දරණ ගුවන්යානය ධාවන පතයට ඇතුළුවී ගුවන්ගතවීමට සූදානම් වෙත්ම එහි  එන්ජිමෙහි  කොටසක  කාර්මික දෝෂයක් ඇති බවට   සංඥාවන් නිකුක් වීම නිසා එම  යානය  ගුවන්ගතකිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.
ඒ 320 මාදිලියේ මිහින් ලංකා සතු හොඳම ගුවන්යානය වන මෙය  අද  දහවල් 12.30 ට මගීන් 173 ක් රැගෙන ඉන්දියාවේ මදුරෙයි බලා  පිටත්වීමට සූදානම් වී ඇත.
යානය ගුවන්ගත වීමට ධාවන පතය දිගේ ගොස් වේගය වැඩිකරනවිට  ඇන්ජිමේ කොටසක  දෝෂයක් ඇති බවට සංඥාවක් නිකුත් වීම හේතුවෙන්  ගුවන් නියමුවෝ   යානය ගුවන්ගත කිරීමෙන් වැලකී සිටියහ.   පසුව ඉංජිනේරුවන් විසින් එන්ජිමෙහි දෝෂය ඇති කොටස ඉවත්කොට  අළුතෙන් එම කොටස   සවිකොට   නැවත  පිටත්වීමට සූදානම් වෙද්දී තවත් තාක්ෂනික දෝෂයක සංඥාවක් නැවත නිකුත්වීම නිසා යානය ගුවන් ගත කිරීම නවතා  ඇත.

ලක්‍ෂ 99ක් වටිනා රත් හඳුන් ගසක් කපාගෙන ගිහින්

මාවරල පොලිස් වසමේ මාකඳුර උතුර ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ රණවීරගෙවත්ත ඉඩමේ තිබූ රුපියල් ලක්‍ෂ 99ක් පමණ වටිනා රත්හඳුන් ගසක් පසුගිය දිනක රාත්‍රි හොරෙන් කපාගෙන ගොස් ඇති බවට එම වත්තේ අධිකාරී ගුණදාස සමරවික්‍රම මහතා මාවරල පොලිසියට පැමිණිලි කර ඇත.

ඉකුත් 20 වැනි දින රාත්‍රි 9.30ට පමණ පැමිණි දෙදෙනකු මුරකරු පුටුවක බැඳ, පුටුව ගල් වංගෙඩියක බැඳ මුරකරුගේ මුහුණ වසා දමා එම දෙදෙනා මුරකරු ළඟ සිටියදී වෙනත් පිරිසක් හඳුන් ගස කපා වාහනයකට පටවාගෙන ගොස් ඇතැයිද, මීට පෙර ආයුර්වේද අමාත්‍යංශයෙන් පැමිණි පිරිසක් මෙම හඳුන් ගස රුපියල් ලක්‍ෂ 99ක් පමණ වටිනා බවට තක්සේරු කර තිබූ බවද පවසා ඇත.



කලාපේ වැඩියෙන්ම විකිණෙන පෙත්ත

හදිසි ගැබ් ගැනීම් වැලැක්වීම සඳහා පමණක් භාවිතා කිරීමට පවුල් සේවා සංගමය විසින් හඳුන්වා දෙනු ලැබූ පොස්ටිනෝ 2 නම් වූ ඛෙහෙත් පෙත්ත නිදහස් වෙළඳ කලාපයේ තරුණියන් බහුල ලෙසින් පාවිච්චියට ගනු ලබන තත්ත්වයක් උදාවී ඇතැයි වාර්ථා වේ’
අනාරක්ෂිත එක්වීමකින් පසු පැය 72ක් ඇතුළත පොස්ටිනෝ පාවිච්චියට ගැනීමෙන් අනවශ්‍ය ගැබ්ගැනීමක් සිදුවීමට ඇති ඉඩ වැලකී යන බව මේ පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දුන් පවුල් සේවිකාවක් පවසා සිටියේ’
මෙහි ඇති අධි හෝමෝන තත්ත්වය නිසා මෙම පෙත්ත නිතර භාවිතා කිරීමෙන් ඔසප් චක්‍රය අසාමාන්‍ය වීම් ඇති විය හැකි බවත් එහි ප්‍රතිඵල ලෙස මසකට දෙතුන් සැරයක් ඔසප් වීම ඇතිවිය හැකි බව තව දුරටත් ඇය පවසා සිටියාය’

කිරි එක්‌ක ඇති DCD විෂ රසායන ප‍්‍රමාණ මෙන්න

ලක්ස්ප්‍රේ  - 15.17%
රත්ති – 7.42%
මැලිබන් -  0.46%
ඇන්කර් – 0.43%
නෙස්ප්‍රේ – 0.36%
ශ‍්‍රි ලංකාවට විදේශයන්ගෙන් ගෙන්වනු ලබන කිරිපිටිවල ඩයිසයිනමයිඞ් නම් විෂ රසායනිකය අන්තර්ගත නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනුම්දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කලදල එම අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ ආනයනික කිරිපිටි වර්ග පහක එම රසායනිකය අඩංගු බවයි.
ඞීසීඞී කෘෂි රසායන මෙරට වෙළඳපලේ ඇති කිරිපිටි තුළ අන්තර්ගත කර ඇත්දැයි සොයා බැලීමට සිංගප්පූරුවට යැවූ කිරිපිටි සාම්පලයේ එම රසායනිකය අඩංගුව ඇති බවට තහවුරු කර පර්යේෂණ වාර්තා එවා අතර එහි පිටපතක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ‘ආහාර හා පරීක්ෂණ ඒකකය’ට ද යොමුකර ඇත.
ඒ අනුව සිංගප්පූරු පරීක්‍ෂණ සඳහා යැවූ කිරිපිටි වර්ග සහ එහි තිබී ඞී.සී.ඞී. රසායනික ප‍්‍රමාණ මෙසේ වෙයි.