Saturday, May 25, 2013

ලක්‍ෂ 99ක් වටිනා රත් හඳුන් ගසක් කපාගෙන ගිහින්

මාවරල පොලිස් වසමේ මාකඳුර උතුර ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ රණවීරගෙවත්ත ඉඩමේ තිබූ රුපියල් ලක්‍ෂ 99ක් පමණ වටිනා රත්හඳුන් ගසක් පසුගිය දිනක රාත්‍රි හොරෙන් කපාගෙන ගොස් ඇති බවට එම වත්තේ අධිකාරී ගුණදාස සමරවික්‍රම මහතා මාවරල පොලිසියට පැමිණිලි කර ඇත.

ඉකුත් 20 වැනි දින රාත්‍රි 9.30ට පමණ පැමිණි දෙදෙනකු මුරකරු පුටුවක බැඳ, පුටුව ගල් වංගෙඩියක බැඳ මුරකරුගේ මුහුණ වසා දමා එම දෙදෙනා මුරකරු ළඟ සිටියදී වෙනත් පිරිසක් හඳුන් ගස කපා වාහනයකට පටවාගෙන ගොස් ඇතැයිද, මීට පෙර ආයුර්වේද අමාත්‍යංශයෙන් පැමිණි පිරිසක් මෙම හඳුන් ගස රුපියල් ලක්‍ෂ 99ක් පමණ වටිනා බවට තක්සේරු කර තිබූ බවද පවසා ඇත.



මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත. කපාගෙන යන ලද හඳුන් ගස අඩි 5 අඟල් 8 වටයකින් යුත් අඩි 15ක් දිග කොටසක් බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

මාවරල - සේන

No comments:

Post a Comment