මෙසේ අමානුෂික ලෙස කෲර වදහිංසාවන්ට ලක්ව ඇත්තේ නාවලපිටිය, කටුගොල්ල, නවතිස්පනේ අංක 1 කොටසේ පදිංචි වයස අවු. 8 ක් වූ පිරිමි දරුවකු හා වයස අවු. 11 හා අවු. 13 වයසේ පසුවන ගැහැනු ළමයින් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා කැටඹුලාව මහ විදුහල හා නවතිස්පනේ් විද්‍යාලවල අධ්‍යාපනය හදාරති.
මොවුන්ගේ මව මීට වසර දෙකකට පෙර ගෘහ සේවය සඳහා විදේශගතව ඇති අතර එදා සිට ඔවුන් පියා හා ආච්චි යටතේ හැදී වැඩී ඇත.
පියා සෑම දිනකම බීමත්ව පැමිණ දරුවන්ගේ කුමන හෝ වරදක් අල්ලාගෙන දරුණු ලෙස පහර දෙන බවත් ඔවුන්ගේ ආච්චිටද බැණ වදින බවත් එම දරුවන් පොලිසියට පවසා තිබේ.
සිද්ධිය වූ දින වෙළෙඳසැලකින් ගස් ලබු ගෙඩියක් සොරාගෙන කෑවා යැයි මෙලෙස පහර දී ඇති අතර පසුව තිදෙනාම කුස්සිය තුළට රැගෙන දොර වසා ලිපට යකඩ බටයක් දමා රත් කොට ඔවුන් පුළුස්සා ඇත.
එයින් කුඩා පිරිමි දරුවාගේ දෙපා පුලුස්සා ඇති නිසා ඔහුට ඇවිදීමට පවා නොහැකි තත්ත්වයක් මතුව තිබෙන අතර නයිලෝන් ලණුවෙන් පහර දීම නිසා ශරීරය පුරාම තුවාල සිදුවී තිබේ.
මේ දරු තිදෙනා වෛද්‍ය ප්‍රතිකාරවලින් පසුව නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත ය. සැකකාර පියාද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුද ඊයේ (09) නාවලපිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මුලාශ්‍රය දිනමිණ
No comments:
Post a Comment