මත්තල ගුවන් තොටුපලට එන යන ගුවන් යානා සඳහා බාධා වන කුරුල්ලන් පලවා හැරීම සඳහා වෙඩි තැබීමට ගුවන් හමුදාව යොදවා ඇතැයි වාර්තා වේ.
මෙම පියවර ගෙන ඇත්තේ පසුගිය අවස්ථාවන් කිහිපයකදී ගුවන් ගමන් සඳහා කුරුල්ලන් බාධා වූ නිසාවෙනි.
විවිධ ශබ්ද ඇතිකිරීම, ප‍්‍රහාරක ගුවන් යානා යෙදවීම වැනි ක‍්‍රමද මේ සඳහා මීට පෙර යොදා තිබිනි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී පරිසර සංරක්‍ෂණ භාරයේ සජීව චිමිකර මහතා පැවසුවේ ගුවන් තොටක් ගුවන් ගමන් සඳහා බාධාකාරී වන කුරුල්ලන් පලවා හරීම සඳහා වෙඩි තැබීම ලොව බොහෝ රටවල සුලභව භාවිතා කරන ක‍්‍රමවේදයක් බවයි.
එහෙත් මත්තල කුරුළු පාරාදීසයක් වන නිසා තත්වය කුරුළු සංහාරයක් දක්වා වර්ධනය වුවහොත් එය ඉමහත් කණගාටුවට කරුණක් බවද ඔහු කීවේය.
මුලාශ්‍රය www.lankacnews.com
No comments:
Post a Comment