Thursday, May 9, 2013

කොළඹ වරායට ලොකු නැව්

 විශාල ගැඹුරක් අවශ්‍ය වන නැව්වලටද පැමිණිය හැකි ලෙස කොළඹ දකුණු වරායේ ඉදිකරමින් සිටින බහාලුම් පර්යන්තයේ සේවා ලබාගැනීමට හැකියාව තිබෙන ගනුදෙනුකරුවන් ගෙන්වා ගැනීම සඳහා ළඟදීම ඔවුන් සමඟ සාකච්ඡා ආරම්භ කරන බව කළම්බෝ ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් සමාගමේ උසස් නිලධාරියෙක් කියයි. චයිනා මර්චන්ට් හෝල්ඩින්ග්ස් සමාගමට අනුබද්ධ සමාගමක් වන මෙම සමාගම විසින් ගොඩ නඟන ලද මෙම බහාලුම් පර්යන්තය විවෘත කිරීමට සැලසුම් කර තිබෙන්නේ එළැඹෙන ජූලි මාසයේදීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සංවිධානය කරන ලද වරාය හා ප්‍රවාහන සමුළුවේදී අදහස් දක්වමින් කළම්බෝ ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි යුන්ෂු ලියූ මේ බව සඳහන් කළේය. මෙම ගැඹුරු පර්යන්තයට නැව් සමාගම්වල දැඩි කැමැත්තක් තිබෙනවා. එහෙම වෙන්නේ මේ වනවිට රැල්ල බවට පත්වී තිබෙන්නේ බහාලුම් 10,000කට වඩා රැගත් විශාල නෞකා නිසා. මෙම ගැඹුරු පර්යන්තය මීටර් 18ක් ගැඹුරුයි.'

මේ වනවිට ලෝකයේ නිර්මාණය කරමින් තිබෙන සමහර මහා පරිමාණ නෞකාවල බහාලුම් 18,000ක් පමණ රැගෙන යා හැකිය. මෙම පර්යන්තයේ මීටර් 400ක දිගකින් යුතු පළමු නැංගුරම් පොළ ලබන ජූලි මාසයේදී විවෘත වන අතර ඉතිරි නැංගුරම් පළවල් දෙක 2014 අප්‍රේල් මාසය පමණ වන විට නිම කිරීමට සැලසුම් කර තිබේ. මෙම පර්යන්තය සම්පූර්ණයෙන්ම විවෘත වූ පසුව වසරකට බහාලුම් මිලියන 2.4ක ප්‍රමාණයක් හැසිරවීමේ හැකියාව ලැබේ. කළම්බෝ ඉන්ටර්නැෂල් කන්ටේනර් ටර්මිනල් සමාගමේ සියයට 85ක කොටස් චයිනා මර්චන්ට් සමාගමටත් සියයට 15ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියටත් අයත්ය.

මුලාශ්‍රය ලක්බිම

No comments:

Post a Comment