ජෝ,ස්ටීව් සහ පොන්චෝ යනු ඉබි යහළුවන්වන් තිදෙනෙකි.මෙම ගජ ඉබි යහළුවන් හට නිවාඩු කාලයේදී පික්නික් එකක් යෑමට සිත්විය. පික්නික් ස්ථානයට යෑමට පවා මෙම යහළුවන්ට දින දහයක් ගත වන්නේය. මෙම දින උදෑසනම මිතුරන් අතරින් වැඩිමහල් ජෝ බිස්කෝතු,කෝක් බෝතල්,ස්මැක් වැනි බීම සහ සැන්ඩ්විච් වැනි දේවල් බෑගයකට දමා ගෙන ගමන ආරම්භ කළහ.
දින දහයක දුෂ්කර ගමනකින් පසු ඇතිවූ විඩාව,පිපාසය සහ බඩගින්න නිසා හොඳින්ම හෙම්බත්වී සිටි ඉබි යහළුවන් තිදෙන පික්නික් ස්ථානයට පැමිණ මොහොතක් ගිමන් ඇරියහ. අනතුරුව ජෝ විසින් එකින් එක කෑම වර්ග එළියට ගන්නා ලදී. නමුත් අවාසනාවකට බෝතල් විවුර්ත කරනා යතුර (බොට්ල් ඕපනර් ) ඔවුන්ට ගෙන ඒමට අමතකව ගොසිනි.
මේ අවස්ථාවේ ජෝ සහ ස්ටීව් විසින් තරුණ පොන්චෝ ගෙන් ඇයද සිටියේ නැවත ගෙදරට ගොස් එය ගෙනත් දෙන ලෙසය. පොන්චෝ එසේ කිරීම ප්රතික්ෂේප කළේය. මම ගිහින් එනකොට ඔයාලා දෙන්නා එකහුවෙලා කෑම ඔක්කොම කාලා ඉවර කරයි. එතකොට මට මොනවාවත් නැති වෙයි යැයි පොන්චෝ පැවසිය. කෙසේ වෙතත් පැය දෙකක විවාදයකින් පසුව පොන්චෝ යන්නට තීරණය කලේ තිදෙනා අතර පොරොන්දුවක් ඇතිකරගැනීම නිසාය. එනම් පොන්චෝ ගෙදර ගොස් එනතුරු කිසිවෙක් කිසිවක් නොකෑ යුතු බවට ය.
පොන්චෝ ගියේය. දින දෙකක් ගත විය. පොන්චෝ නැත. ජෝ සහ ස්ටීව් බඩගින්න ඉවසගන්නට බැරුව වෙව්ලනවාය. ඔවුන්ට පොරොන්දුව මතක විය. තවත් දිනක් ගත විය.පොන්චෝ නැත.
තවත් දින තුනක් ගතවීය.දැන් පොන්චෝ ගොස් දින හතකි.
ස්ටීව් මෙසේ කියයි." මට අද නම් කන්නේ නැතුව ඉන්න බැහැ.මම අද නම් මැරෙයි" යැයි කෙඳිරි ගෑවේය.
"එහෙම බැහැ යහළුවා...මටත් බඩගිනියි. මාත් මැරේයිද දන්නේ නැහැ. එහෙත් අපි පොරොන්දුව ඉෂ්ඨ කරන්න ඕනෑ" යි ජෝ හීනි ස්වරයෙන් කීය.
මෙසේ තවත් දින තුනක් ගත විය. පොන්චෝ දැන් දැන් එනවා යැයි සිතා ඉතාම දුර්වල තත්වයෙන් සිටි ජෝ සහ ස්ටීව් විජලනයට ලක්වය. දෑස් වැසුණු නොවසුනු ගානටය. කතා කිරීමටවත් ශක්තිය නැත.ජෝ ස්ටීව් හට රෝගියෙකු කථා කරනා ස්වරයකින් මෙසේ කීය.
"එහෙම බැහැ යහළුවා...මටත් බඩගිනියි. මාත් මැරේයිද දන්නේ නැහැ. එහෙත් අපි පොරොන්දුව ඉෂ්ඨ කරන්න ඕනෑ" යි ජෝ හීනි ස්වරයෙන් කීය.
මෙසේ තවත් දින තුනක් ගත විය. පොන්චෝ දැන් දැන් එනවා යැයි සිතා ඉතාම දුර්වල තත්වයෙන් සිටි ජෝ සහ ස්ටීව් විජලනයට ලක්වය. දෑස් වැසුණු නොවසුනු ගානටය. කතා කිරීමටවත් ශක්තිය නැත.ජෝ ස්ටීව් හට රෝගියෙකු කථා කරනා ස්වරයකින් මෙසේ කීය.
"කිව්වත් වගේ පොන්චෝ එන ගමන් බර්ගර් කින්ග් එකට ගොඩවෙලා කනවා ඇති. ඒකයි පරක්කු. මෙහෙම හිටියොත් අපි දෙන්නත් මැරිලා යාවි. දැන් ඉතින් පොරොන්දුව කඩ කරලා හරි අපි අපේ ජිවිත බේරාගනිමු. ස්ටිව්ද අමාරුවෙන් මෙන් "හ්ම්ම්............යැයි ඊට එකඟ විය.
දෙදෙනා එකතුවී ඉතා සෙමින් මෙන්ම අමාරුවෙන් සැන්ඩ්විච් බහා තිබු භාජනයේ පියන ඉවත් කර කට ඇර සැන්ඩ්විච් එකට කට තිබ්බා පමණි. මෙන්න පොන්චේ කළු ගලකට මුවාවී සිට ඉන් එළියට විත් අඩි හප්පා ගෙන මෙසේ බෙරිහන් දුන්නේය.
"මම දන්නවා....මම දන්නවා....මම ඕක වෙනවා කියලා දන්නවා. උඹලා දෙන්නා පොරොන්දුව කඩ කළා. දැන් නම් මම කොහොමටවත් යන්නේ නැහැ........ !
ඉබි මිතුරු දෙදෙනාගේ හර්ද ස්පන්දනය තවත් අඩුවී යනු දැනුනි. මුව විවර කරගෙන උන් ජෝගේ දෑස් නිලංකාර වෙනවා දැනුනි. ස්ටීව් ඒ දෙස අහිංසකව අහිංසකව බලා සිටියේය.......... !
No comments:
Post a Comment