ප්‍රකාශයට පත්කරන ලද සහන ඒ අයුරින්ම මහජන උපයෝගිතා කොමිෂන් සභාවේද එකඟත්වය මත ක්‍රියාත්මක කරනු ලබන බව ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (08) නිවේදනය කළේය.
ඒ අනුව ඒකක 0 සිට ඒකක 30 දක්වා වන විදුලිය ගාස්තුවෙහි කලින් පැවැති ඒකක මිල රු.3.00 කි. සංශෝධිත මිල යටතේ එය රු.5.00ක් වේ. ඒකක 31 සිට ඒකක 60 දක්වා කලින් පැවැති ඒකක මිල රු.4.70කි. සංශෝධිත මිල යටතේ එය රු. 6.00 කි. එහෙත් ඒකක මිලෙහි කිසිම වැඩිවීමක් නොකොට කලින් පැවැති මිල වූ රු.3.00 සහ රු.4.70 හිම රඳවා ඒ අනුව විදුලිය බිල් පත සකස් කිරීමට පියවර ගනු ලැබේ.
මේ අනුව ඒකක 1 සිට 30 දක්වා කාණ්ඩයේ විදුලි බිලෙහි සංශෝධිත ගාස්තුව වූ රු. 217.50 නැවත වෙනස් වේ. එය පැරණි මිල වූ රු.142.50 ක් දක්වා අඩු වේ. නව මාසික බිල්පත රු. 142.50 කි. ඉහත කී පරිදි ඒකක 31 සිට ඒකක 60 දක්වා වූ කාණ්ඩයටද ඒකක මිල වැඩි නොකරේ. එහෙත් ඒකක 0 සිට 30 දක්වා කණ්ඩායමට ලැබෙන සහනයට වඩා ඒකක 31 සිට 60 දක්වා කාණ්ඩයට ලැබෙන සහනය වෙනස් වන බැවින් ඒකක 31 සිට 60 දක්වා වූ සංශෝධිත මිලෙහි වෙනසක් සිදුවේ. එනම් පෙර පැවැති ක්‍රමයට ඒකක 60ක් දක්වා වූ මාසික මිල රු. 371.85කි. සංශෝධිත මිල රු.546.00කි. එහෙත් පෙර කී පරිදි ඒකක මිල රු.4.70 වෙනස් නොකරන බැවින් මාසික ගාස්තුව රු.412.50 දක්වා අඩුවේ. නව මාසික බිල්පත රු.546.00 නොව රු.412.50 කි.
ඒකක 90 ඉක්මවා පාවිච්චි කරන පාරිභෝගිකයන්ට ඇතැම් මාසවල ඒකක 1ක් 2ක් හෝ 5ට නොවැඩි සංඛ්‍යාවක් පාවිච්චි කිරීමට සිදුවුවහොත් ඒකක 90 මිලටම බිල්පත සැකසීමට ක්‍රියාකරනු ලැබේ. එහෙත් සෑම මාසයකම ඒකක 90 සීමාව ඒකක 95 දක්වා වැඩි කොට පාවිච්චි කළ හැකිය යනුවෙන් මෙම සහනය අර්ථකථනය නොකළ යුතුය. එවැනි පාරිභෝගිකයන් හැකි තරම් දුරට ඒකක 90 සීමාවේ රැඳී සිටීමට උත්සාහ කළ යුතු වේ.
ඒකක 0 සිට 180 දක්වා පාවිච්චි කරනු ලබන විදුලිය වෙනුවෙන් 25%ක ප්‍රමාණයක් දැනට පවතින ඉන්ධන ගැළපුම් ගාස්තුවෙන් අඩු කිරීමටද ක්‍රියාකරනු ඇත. ඒ අනුව ඒකක 31 සිට 60 දක්වා ඉන්ධන ගැළපුම් ගාස්තුව 35% සිට 25% දක්වාද ඒකක 61 සිට 180 දක්වා 40% ක් වන ඉන්ධන ගැළපුම් ගාස්තුව 30% දක්වා ද අඩු කොට ඒ අනුව විදුලිය ගාස්තු බිල්පත සකස් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය ක්‍රියා කරනු ලැබේ.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා මැයි දිනදා විෂය භාර ඇමැතිනි පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියට වේදිකාවේ සිට උපදෙස් දුන්නේ ඒකක 30 සිට 60 දක්වාත් එම සහනය ජනතාවට ලබා දෙන ලෙසයි. ඒ අනුව ඒකක 30 සිට 60 දක්වා ගාස්තුව, සංශෝධනයේදී ඉහළ ගිය රුපියල් 546 සිට රුපියල් 371.85ක් දක්වා පහළට වැටිය යුතුය.
එහෙත් ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම ගාස්තුව සම්පූර්ණයෙන් අඩු කිරීම වෙනුවට රුපියල් 546 සිට රුපියල් 412. 50ක් දක්වා අඩු කිරීමට අවධානය යොමුව ඇති බවය.
මුලාශ්‍රය දිනමිණ/ලක්බිම
No comments:
Post a Comment