මයෙ අම්මා පහුගිය දොහක අපේ ගෙදර කඩුල්ල පැනපු මාර පුත්තරයො රැළක් සරම් උස්‌සාගෙන මට හූ කීවා. තනි පංගලමෙ හිටි මං මොනවා කරන්නද? මම කුස්‌සියට රිංගලා කුරුණියෙන් මූන වහගෙන හිටියා, මයෙ අම්මා. මං හිතුවෙ උන් zහූZ කියන්නෙ වෙසක් දන්සලට සම්මාදන් දුන්නෙ නැති එක හින්දා කියලා. අප්පේ...නැහැනෙ මයෙ අම්මා· උන් zහූZ කියලා තියෙන්නෙ උඹලා දඹදිව ගිහින් කර ගත්තු විලිසංගෙ නැති වැඩේට බොල.
උඹලා ඔය නොසන්ඩාල ගමන යනවට ලෑස්‌ති වෙනකොටම මම කීවානෙ? හූනා කියන්නා වගේ කීවේ, ඕක යා යුතු ගමනක් නොවෙයි කියලා. ඇහුවැයෑ?
උඹලා ඔය නොසන්ඩාල ගමන යනවට ලෑස්‌ති වෙනකොටම මම කීවානෙ? හූනා කියන්නා වගේ කීවේ, ඕක යා යුතු ගමනක් නොවෙයි කියලා. ඇහුවැයෑ?
මට නම්, මයෙ අම්මා උඹලගෙ සෙල්ලම් එකක්‌වත් බලන්න උනේ නැහැ. රූප පෙට්‌ටිය දාගෙන ඒක ඉස්‌සරහ ඉදන් දත නියවාගෙන හිටපු කාලෙ ගියා මයෙ අම්මා. කොහොම කරන්නද? දැන් කරන්ට් ගිනි ගණං. ඒකවත් උඹල දන්නවද දන්නෙ නැහැ.
උඹලා ගැන සහ සුද්දෙන් ලියපු කිසිම දෙයක් පත්තරේක දැක්‌කෙ නැහැ. හැමෝම පාහේ වැඩිපුරම බංකුව උඩ නිදා හිටියා කියලයි කියෑවුනේ. උඹ, මයේ අම්මා, ඔය බංකු රත් කරපු කාලෙ දඹදිව වැඳ ගත්තා නම් එළොවටවත් මොකක් හරි ඉතිරි කර ගන්න තිබුණා.
එහෙම බංකු රත් කරපු උඹලගෙ ඇන්ජියා, දඹදිවදි බැරි වුණාට එංගලන්තෙ ගියාම තරු විසිවෙන්න ගහනවා කීවා කියල පත්තරේ තිබුණා. මට නම්, හිනාව නවත්ත ගන්නම බැරි වුණා. වාතෙකුත් ගියා ඕන්න·
ඔය විළිසංග වහගන්න, එන දවසක මොනවා හරි කතාවක් හදාගෙන වරෙං මයෙ අම්මා· උඹලා කළේ මුළු රටම අකමැති වුණ වැඩක් නේ·
එක දොහක්, "මේ ගොටුකොළ මිටිය කීයද?" කියලා මාරකැට්‌ටුවේ කොල්ලගෙන් ඇහුවා. "බින්දුවා...යි" යි ඒකා කියපි. මට තේරුණා ඒකගෙ ඇණුම් පදේ. මයෙ අම්මා, මම නම් උත්තර බදින්න ගියෙ නැහැ. මට නම් තවමත් ලැඡ්ජාව තියෙනවා, උඹට නැති වුණාට.
උඹ ලංකාවට එන දවස කාටවත්ම කියන්න එපා. කවුරු හරි දැන ගත්තොත් හොඳ නැහැනෙ . පාරෙ තොටේ ඉන්න මිනිස්‌සු උඹට දෙස් තියයි. මොනවා උනත් මම උඹේ අම්මා. ඒ නිසා මට ඒ සමච්චල් උහුලා ගන්න බැරි වෙයි. අනෙක, මයෙ අම්මා, උඹ සල්ලි ගෝනි ගණන් ගෙනාවත් මගේ හිතේ දොයිතුවක තරම්වත් පළුද්දක් නෑ. උඹ සතුටින් හිට හං. මම ධර්ම සෑත්තරේ නම් ටිකක් දන්න බව උඹත් දන්නවානේ. ඒ නිසා මම උදේ හවා "තමාට තමා පමණයි" කියලා මෙනෙහි කරනවා. නමුත් උඹ එහෙම කරන්න එපා, මයෙ අම්මා· "අම්මා බලාගන්නෙ මම. තාත්තා බලාගන්නෙ මම. නංගිගෙ ඉස්‌කෝලෙ වියදම් දරන්නෙ මම. හැමදාම උදේ හවා බුදුන් වදිනවා..." යි වෑර්ලස් එකට, රූප පෙට්‌ටියට, පත්තරවලට කියපං. "ඇයි මගෙ මූණ මීට ඉස්‌සෙල්ලා දැකලා නැද්ද? නිකං වැඩක් බලාගෙන යනවා අයිසෙ යන්ඩ" කියලා නම් කියන්ට එපා. ඒක ඉතා හොඳින් මතක තියා ගනිං මයෙ අම්මා·
උඹලා ඔය ඉදගෙනÊහිටියා කියන බංකු ගෙදර ගේන්න දෙන්නෙ නැද්ද? උඹලා හුඟ දෙනෙකුට ඒවා දැන් උරුමයි. පොඩි කාලයක්‌ද ඒවා රත් කළේ මයෙ අම්මා· පුළුහං නං ගෙනෙන්නම බලහං. අනික් කොල්ලො අද හිටං ඉදිරියට සෙල්ලම් කරගෙන යන හැටි ඒවා උඩ ඉඳං බලන්න පුළුවන්නෙ. මට මෙහෙමත් හිතෙනවා මයෙ අම්මා. මොකක් හරි සන්තැසියක් නිසා උඹට මෙහෙදි බංකුව උඩ තපින්න උනා නම් මොනවයින් මොනවා වෙයිද? මම දන්නව, උඹ සූරයා. උඹට ඒ වගෙ සංගදියක් වුනාම ඉස්‌සෙල්ලාම යන්නෙ කා ළගටද කියලත් මම දන්නවා. එතකොට උඹව තෝරපු කට්‌ටියගේ රෙද්ද පල්ලේ බඩ විරේක වෙයි.
මේ අහපං මයෙ අම්මා· උඹ අද හෙට ආපහු ආවාම ඈත පළාතක තරු පහේ හෝටලයක ගිහිං, කාලා බීලා නටලා විනෝද වෙයං. මහන්සි නැතෑ මයෙ අම්මට, මාස ගානක් හීතලේ බංකුව උඩම ඉඳලා· කෙසේ වෙතත්, මට ඉර හඳ වගේ විශ්වාසයි මයෙ අම්මා, උඹට එංගලන්තෙ යන්නත් එන්න කියයි. එහෙදිත් සෙල්ලම් වාර 5-6 ක් විතර ලැබෙයි. එතැනදිත් බැරි වුනොත්, "අපි දඹදිව ඉදලා ආවේ. එහෙ හරි සීතලයි. හරියට සෙල්ලං කරන්නවත් දුන්නෙ නැහැ" යි පත්තර කාරයන්ට කිය හං. අනෙක, මයෙ අම්මා, ඉදලා හිටලා හෝ පොල් අඩි ගහපු උඹට එංගලන්තෙදි සීරුවෙන් අත පය වනන්න ඉගෙන ගන්නත් කල්පයක් විතර යයි නේද?
මයෙ අම්මා, උඹ නිසාමයි මමත් මේ සෙල්ලම්වල කොණකට පැටළුනේ. උඹ දන්නවාද, 2009 එංගලන්තෙ ගිහින් උඹලා සෙල්ලම් පාවා දුන්නා ලු. මේ අවුරුද්දෙ බංගලියටත් පැරදුනෙත් ඒ කරමෙටම ලු. රටේ හැම තැනම කසු කුසු. හොයපංකො උත්තර කීවා ලු, මයෙ අම්මා· දැනටමත් තුන් දෙනෙක් අහුවෙලා ලු නේද? අහුවෙන්ට නම් එපා මයෙ අම්මා. අහුවුණොත් වැඩේ අසාරුදීන් වෙලා හැන්සි ක්‍රොඤ්ඤෙ වෙලා තමයි නවතින්නේ. පරිස්‌සමෙන්...
රටේ ලෝකෙ පුරසිද්ද මිනිස්‌සු වෙච්චි, හරිම කරදරයි. කතා කරාට කතා කරන්නෙ නැහැ. දිව වැටෙයි කියන බයට. හිනා වුනාට හිනා වෙන්නෙ නැහැ. මූන හිරි වැටෙයි කියන බයට. අම්මා අප්පා අමතක වෙනවා. දඬු මොනරෙන් යනකොට උඹට සෙල්ලං උගන්නපු සර්, උඹගෙ සෙල්ලං විස්‌තර කරපු සර් දැක්‌කෙ නැහැ වගේ යනවා....
අනේ මයෙ අම්මා, මොනවද මං මේ ලියන්නේ...? උඹ මට මෙහෙම උත්තරයක් එවපං කො,
"උඹ ඕන දෙයක් කියංහ, අපෙ අම්මා. මේ රටේ එවුන්ට මගේ සෙල්ලම විතරක් නොවෙයි ඕනම දෙයක් අමතක වෙනවා. 2010 දී තෙල් මතු වුනා නම් 2013 දී සපුගස්‌කන්දට ඉබ්බා දැම්මේ ඇයි? "ඉන්දියාවටත් ලැයිට් දෙනවා කියපු අපි, දැන් හුළු අතු බැදගෙන පෙළපාලි යන්නේ ඇයි? ඉතින් දඹදිව ගොහිං බංකු රත් කිරීමත් අමතක වෙලාවම යයි."
No comments:
Post a Comment