Wednesday, May 29, 2013

ඇමතිවරුන්ගේ විදුලි බිල රජයෙන් ගෙවීම මහජන නියෝජිතයන්ට ලැබෙන වරප‍්‍රසාදයක්

ඇමතිවරුන් විදුලි බිල ගෙවිය යුතු බවට එක් එක් ස්ථානවල සිට මඩ නොගසා සියලූ දෙනාම එක්වී ඒ පිළිබඳව නීත්‍යානුකූල වූ තීරණයක් ගත යුතු බව කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ගාමි ර්‍ණ ලොකුගේ මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සහ විපක්ෂ නායකවරයාට ලබාදෙන වරප‍්‍රසාද පිළිබඳව සාකච්ඡුා කරන්නේ පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේදී බවද ඔහු පවසා සිටියේය. මෙම ගෘහකාරක සභාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයකම නියෝජිතයෙක් සිටින බවත්, මෙම කමිටුවේ සභාපතීත්වය දරන්නේ කථානායකතුමා බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
මේ රටට නිදහස ලැබීමෙන් පසු සෑම මන්ත‍්‍රීවරයෙකුගේම නිල නිවසේ මෙන්ම විපක්ෂ නායක නිල නිවසේද විදුලිබිල ගෙවා දමන්නේ රජයෙන් බවත්, එය මහජන නියෝජිතයන්ට ලැබෙන වරප‍්‍රසාදයක් බවද ඔහු පවසා සිටියේය.

No comments:

Post a Comment