Saturday, May 25, 2013

දළදා මාලිගය අසල ගිනි තියාගත් හිමිනම අපවත් වෙති

ගව ඝාතනයට විරෝධය දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට ක්වින්ස් හෝටලය අසල දී සිරුරට ගිනි තබාගත් බෝවත්තේ ඉන්දරතන හිමියන් මීට සුළු මොහොතකට පෙර අපවත් වූ බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පැවැසීය. 
මහනුවර දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ ඉදිරිපිටට පැමිණි මෙම හිමිනම එක්වරම පෙට්‍රල් හිසට හලාගෙන ගව ඝාතනයට මම විරුද්ධයි යනුවෙන් පවසමින් උන්වහන්සේ අත තිබූ ලයිටරයක් දල්වාගෙන සිරුරට ගිනි තබා ගෙන ඇත.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ අසල බෝධීන් වහන්සේ ඉදිරිපිටදී මෙරට ගව ඝාතනයට එරෙහිව හිමිනමක් (24) දා සිය සිරුරට ගිනි තබා ගනු ලැබිය.


මහනුවර දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ ඉදිරිපිටට පැමිණි මෙම හිමිනම එක්වරම පෙට්‍රල් හිසට හලාගෙන ගව ඝාතනයට මම විරුද්ධයි යනුවෙන් පවසමින් උන්වහන්සේ අත තිබූ ලයිටරයක් දල්වාගෙන සිරුරට ගිනි තබාගෙන ඇත. එම අවස්ථාවේදී එම ස්ථානයේ විශාල බැතිමතුන් සංඛ්‍යාවක් සිටි අතර ගිනි තබාගත් හිමිනම ඒ මේ අත දුවද්දී බැතිමතුන් මහත් භීතියට පත්විය. එම ස්ථානයේ සේවයේ යෙදී සිටි විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ ජනතාව ජලය භාවිතා කරමින් ගින්න නිවා දමා හිමිනම වහා රෝහල්ගත කරනු ලැබූහ.
එම ස්ථානයේ තිබූ එම හිමිනමගේ බවට සැකකරන ගමන් මල්ලක් පරීක්ෂා කළ ‍පොලීසිය එහි තිබි මුදල් පසුම්බියක් හා ලියකියවිලි සොයාගෙන ඇත. එහි තිබූ භික්ෂු හැඳුනුම්පතක සඳහන් වී ඇත්තේ කහවත්ත ඕරනුව පන්ස‍ලේ බි. ඉන්දරතන හිමි ලෙසය. හිමිනමගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග කියයි. සිද්ධිය පිළිබඳව මහනුවර ‍පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට දී මෙලෙස ගිනි තබා ගත් හිමිනම පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු  කර ඇති බව මධ්‍යම  පළාත් ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති  එච්.එන්.බි. අඹන්වල කීය. යම් හේතුවක් මත මෙම හිමිනම පිට පිටම  ප්‍රාදේශීය  සභාවට  නොපැමිණීම නිසා එම හිමි නමගේ  මන්ත්‍රී ධුරය අහෝසි වී ඇති බවද සඳහන් වේ.


No comments:

Post a Comment