පින්නවල අලි අනාථාගාරයේ තවත් අලියකු පෙරේදා (22දා) කඩුවෙල ප්‍රදේශයේ විහාරස්ථානයකින් පැමිණි පිරිසක් විසින් රැගෙන ගොස් ඇත.අලි අනාථාගාරයට කැලයේ අතරමංව සිටියදී ගෙන එනු ලැබූ මෙම අලියා කුඩා කාලයේදී 'වීරා' නමින් හඳුන්වනු ලැබිණි. පසුව පනාගොඩ යුද හමුදා මූලස්ථානයට ගෙන යනු ලැබූ මෙම අලියා 'කණ්ඩුල-2' වශයෙන් නම් කෙරිණි.
යුද හමුදා ආචාර පෙළපාළි සඳහා යොදාගත් මෙම අලියා නැවැත පින්නවල අලි අනාථාගාරයට පසුගිය කාලයේදී භාරදෙනු ලැබීය.මෙම අලියාට ජලය ලබාදීමට ගිය පළපුරුදු ඇත්ගොව්වකු වූ මංගල ශාන්ත යන අයට පසුගිය දිනෙක මෙම අලියා විසින් පහරදෙනු ලැබීමෙන් අනතුරුව එම ඇත්ගොව්වා දැනට පේරාදෙණිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් 47-33ඔඔ දරන ලොරියෙන් මෙම අලියා ගෙන ගිය අතර, 57-88ඔඔ දරන වෑන් රථයකින් පැමිණි හිමිනමක් මෙම අලියා රැගෙන ගිය බව පින්නවල අලි අනාථාගාරයේ සේවකයෝ පවසති.
මෙම අලියා රැගෙන යෑමට පැමිණි කණ්ඩායමක් ගමන්ගත් එර්ථී ම්ඛ් 97ඔඔඔ දරන මෝටර් කාරයේ සිටි අයකු අලියා රැගෙන යන අයුරු ඡායාරූප ගතකළ මාධ්‍යවේදීන්ට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් තර්ජනය කරනු ලැබීය.
අලි අනාථාගාරයේ අලි ගහණය වර්ධනය කිරීම සඳහා ප්‍රජනනයේ යොදාගත හැකි මෙවැනි අලි ඇතුන් මෙලෙස විවිධ ආයතනවලට විශාල වශයෙන් ලබාදීමෙන් අලි අනාථාගාරයට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන්ට නැරැඹීමට ඉතිරි වනුයේ වයස්ගත අලින් කීපදෙනකු පමණක් බවද එම සේවකයෝ පවසති.
No comments:
Post a Comment