Saturday, May 25, 2013

කලාපේ වැඩියෙන්ම විකිණෙන පෙත්ත

හදිසි ගැබ් ගැනීම් වැලැක්වීම සඳහා පමණක් භාවිතා කිරීමට පවුල් සේවා සංගමය විසින් හඳුන්වා දෙනු ලැබූ පොස්ටිනෝ 2 නම් වූ ඛෙහෙත් පෙත්ත නිදහස් වෙළඳ කලාපයේ තරුණියන් බහුල ලෙසින් පාවිච්චියට ගනු ලබන තත්ත්වයක් උදාවී ඇතැයි වාර්ථා වේ’
අනාරක්ෂිත එක්වීමකින් පසු පැය 72ක් ඇතුළත පොස්ටිනෝ පාවිච්චියට ගැනීමෙන් අනවශ්‍ය ගැබ්ගැනීමක් සිදුවීමට ඇති ඉඩ වැලකී යන බව මේ පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දුන් පවුල් සේවිකාවක් පවසා සිටියේ’
මෙහි ඇති අධි හෝමෝන තත්ත්වය නිසා මෙම පෙත්ත නිතර භාවිතා කිරීමෙන් ඔසප් චක්‍රය අසාමාන්‍ය වීම් ඇති විය හැකි බවත් එහි ප්‍රතිඵල ලෙස මසකට දෙතුන් සැරයක් ඔසප් වීම ඇතිවිය හැකි බව තව දුරටත් ඇය පවසා සිටියාය’

මෙය කිසිසේත්ම උපත් පාලන ක්‍රමයක් ලෙසින් භාවිතා නොකළ යුතු වුවද වෙළඳ කලාප යුවතියන් අතර ප්‍රචලිත වෙමින් ඇත්තේ එම පෙත්තයි’
නිදහස් වෙළඳ කලාපයේ අවට ඛෙහෙත් ශාලා පවත්වාගන යනු ලබන වෛද්‍යවරුන්ගෙන් මේ පිළිබඳව විමසීමේදී දැනගන්නට ලැබුනේ ඔවුන් හමුවට මෙසේ ඔසප් චක්‍රය අක්‍රමවත් වූ තරුණියන් පැමිණෙන බවත් මේ අයගේ වැඩි විස්තර සොයා බැලීමේදී දැනගන්නට ලැඛෙන්නේ මේ අය පොස්ටිනෝ භාවිතයට වැඩියෙන් ඇබ්බැහි වී ඇති අය බවත්ය’
40000කට ආසන්න නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ගෙන් 80%ක්ම කාන්තාවන් වන අතර ඒ අයගෙන් අති බහුතරයක් නීත්‍යාණූකූල ලෙසින් විවාහ නොවී තම සහකරු සමගින් එකට ඡීවත් වන තත්ත්වයක් නිදහස් වෙළඳ කලාපයේ උප සංස්කෘතියක් බවට පත්ව ඇත’
නිදහස් වෙළඳ කලාපයේ රැකියා අවස්ථා 7000ක් පමණ තිබුනත් අවශ්‍ය කම්කරුවන් ඒ පුරප්පාඩු සඳහා නොපැමිණීම හේතුවෙන් වයස් සීමාව 16 දක්වා පහළ දමන්නට කම්හල් පාලකයන් කටයුතු කිරීම හේතුවෙන් මෑතකාලයේ නිදහස් වෙළඳ කලාප කම්කරු සංයුතියට වයස අවුරුදු 16-17 අයද එක්වන්නට පටන් ගෙන තිබේ’
මේ හිරිමල් යෞවනියන්ද දැන් පොස්ටිනෝ භාවිතයට වේගයෙන් පුරුදු වෙමින් සිටිතියි වාර්ථා වේ’ නිසි ලිංගික අවබෝධයක් නැති මේ යුවතියන් අතරට ලිංගික අධ්‍යාපනයක බරපතල අවශ්‍යතාවක් මේ අනුව මතුව තිබේ’

No comments:

Post a Comment