Thursday, May 9, 2013

ඒඞ්ස් වලටත් වඩා භයානක රෝගයක් ජපානයෙන්

ඒඞ්ස් මෙන් නොවල ගොනෝරියා බැක්ටිරියාවකින් ව්‍යාප්ත වන ලිංගආශිත රෝග ප‍්‍රතිජීවක මගින් සුවකල හැකිය.
නමුත් ජපානයෙන් වාර්තා වු ඖෂධ වලට ඔරොත්තු දෙන නව ගොනෝරියා ප‍්‍රබේදය ඒඞ්ස් වලටත් වඩා භයානක විය හැකි බවට වෛද්‍යවරු අනතුරු අගවා ඇත.
2009 දී ජපානයේ ගණිකා වෘත්තිකයෙකු ගෙන් සොයාගත් ගොනෝරියා H041 බැක්ටිරියාව 2011 දී හවායි වලින්ද දැනට කැලිෆෝනියාව හා නෝර්වේ වලින්ද වාර්තාවී ඇත.
වසරකට ඒඞ්ස් වලින් මියයන සංඛ්‍යාව මිලියන 30කිගඒඞ්ස් මෙන් නොව එ හා සමාන දරුණු මෙම H041ට අසාධ්‍යවී දින කිහිපයකින් රෝගියා මරණයට පත්වේ. වසරකට එක්සත් ජනපදයේ ලිංගආශිත රෝගීන්  මිලියන 20ක් වාර්තා වන අතර එයින් ලක්ෂ 8ක් ම ගොනෝරියා රෝගීන්ය. ඔවුන්ගෙන් වැඩි පිරිසක් වයස 15-24 අතර තරුණයෝය.
ඔවුන්ට ප‍්‍රතිකාර ස`දහා ඇමරිකානු ඩොලර් බිලියන 16ක් වාර්ෂිකව වැය වේග ඇමරිකානු ලිංගආශිත රෝග මර්ධන වැඩසටහනේ ප‍්‍රධානියා පවසනුයේ මහා විනාශයක් විමට පෙර ජනතාව මේ පිළිපදව දැනුවත් කලයුතු බවත් මෙම ්‍ය041 බැක්ටිරියාවට සුදුසු ප‍්‍රතිජීවකයක් වහාම සෙවිය යුතු බවත්ය.
එ සදහා ඇමරිකානු ඩොලර් මිලියන 54ක් වැය වනු ඇත කෙසේ වෙතත් H041 රෝගීන් කැලිෆෝනියාවෙන් හා නෝර්වෙන් වාර්තාවුන බව ඇමරිකානු නිල වාර්තා වල සදහන් නොවේ.

No comments:

Post a Comment