Tuesday, May 28, 2013

බිම්මල්වලට ෆෝමලින්

වෙළෙඳපොළේ අලෙවි කෙරෙන බිම්මල්වලට මළමිනීවලට යොදන පෝමැල්ඩිහයිට් (ෆෝමලින්) රසායනික දියරය යොදන බව හෙළිවී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාකඳුර ගොවි කටයුතු පර්යේෂණාගාරයේ පර්යේෂණ සහකාර අශෝක ගුණතිලක මහතා කියයි.

බිම්මල්වලට (හතු) ඇතුළු වෙන ඩේ‍රාසසිලා  නමැති මැස්සකුගෙන් ඒවා ආරක්‍ෂා කිරීමට මේ රසායන දියරය යොදන බවද ප්‍රදේශ කීපයක වෙළෙඳසල් ගණනාවකින් ගත් බිම්මල් සාම්පල් රැසක් ගෙන ගොස් පැවැත්වූ පර්යේෂණවලින් එම කරුණු අනාවරණය වූ බවද විස සහිත එම රසායනිකය අඩංගු බිම්මල් ආහාරයට ගත් විට බඩවැලේ තුවාල ඇතිවන බවද වකුගඩු ආබාධ ඇතිවන බවද එසේම විවිධ රෝග වැලඳෙන බවද ඒ මහතා කීය.

මේ පිළිබඳව විමසීමේදී මාකඳුර ගොවි කටයුතු පර්යේෂණායතනයේ පර්යේෂණ සහකාර ආශෝක ගුණතිලක මහතා මෙසේද කීය. මේ බිම්මල්වලට මැස්සෙක් වහවැටෙනවා. ඒ සතා දමන බිත්තර පැය හතරක් ඇතුළත පුපුරා පණුවකු හැදෙනවා. මේ ඩේ‍රාසයිලා කියන මැස්සා වරකට බිත්තර සියයේ සිට හාරසියය දක්වා ගණනක් දානවා. මේ මැස්සාගෙන් වන හානිය වළක්වා ගැනීමට බොහෝදෙනා මළ සිරුරු කුණු නොවීමට යොදන පෝමැල්ඩිහයිඩ් (ෆෝමලින්) යන රසායන දියරය බිම්මල්වලට යොදන බව
පර්යේෂණවලින් හෙළිවී ඇති බවයි.

No comments:

Post a Comment