ඉන්දීය බන්ධනාගාරයකදී පහර දීමට ලක්වීමෙන් තුවාල ලැබ රෝහල් ගත කර සිටි පාකිස්තාන සිරකරුවා ඊයේ මිය ගිය බව රෝහල් බලධාරින් කියා තිබේ.
මීට කලින් පාකිස්තානයේදී ඉන්දීය සිරකරුවකු මෙපරිද්දෙන් ම පහර කෑමට ගොදුරුව ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට එකට එක කිරීමක් වශයෙන් පාකිස්තාන සිරකරුවාට පහර දී තිබිණ.
සනාවුල්ලා රන්ජේ නම් මේ පාකිස්තාන සිරකරුවාට ජම්මු බන්ධනාගාරයේදී පහර දීමෙන් ඔහුගේ හිසට බරපතළ තුවාල සිදුව තිබිණ.
ඒ අනුව ඔහු චන්දිගාර් රෝහලට ඇතුළත් කර තිබිණ. ඉකුත් බදාදා ඔහුගේ වකුගඩු අක්‍රිය තත්ත්වයට පත්වූ බව වෛද්‍යවරුන් පවසා තිබිණ.
රජයේ උපදෙස් පරිදී ඔහුගේ මෘතදේහය පාකිස්තානයේ සිට පැමිණ සිටින ඥාතීන් දෙදෙනකුට බාරදෙන බව පැවැසී තිබේ.
පාකිස්තානයේ සිල්කොට් නගරවාසියකු වන මේ පාකිස්තානුවා ඉන්දියාවේ දී සිදු කළ මිනීමැරුමකට වරදකරු වී සිරගත කෙරී තිබුණු අතර පාකිස්තානයේ ලාහෝර බන්ධනාගාරයකදී පහර කෑමෙන් පසු රෝහල්ගතව සිටියදි ඉන්දීය සිරකරු මිය යාමෙන් පැය 24 ක් ඉකුත්ව යාමට මත්තෙන් සිරගතව සිටින හිටපු සෙබළකු විසින් ඔහුට පහර දී තිබිණ.
No comments:
Post a Comment