වැඩියෙන්ම පාඩු ලබන රාජ්‍ය ආයතන

මේ අනුව වසා දැමීමට යන බවට ඇමැතිවරයා ප්‍රකාශ කොට තිබුණේ ජනතා පොහොර සමාගම, හිඟුරාන සීනි ආයතනය, ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන හා අපනයන සංස්‌ථාව සහ සීමාසහිත ලංකා ෆැබ්රික්‌ස් යන ආයතන හතර බවට ද ඇමැතිවරයා හෙළි කර තිබිණි. නැවත පිහිටුවීමට නියමිත ආයතන වන්නේ කන්තලේ සීනි කර්මාන්ත ආයතනය, ලංකා සළුසල ආයතනය, සමුපකාර තොග වෙළෙඳ සංස්‌ථාව සහ රාජ්‍ය වාණිජ (සමුපකාර තොග වෙළෙඳ) සමාගම යන ආයතන හතරයි. මේ ආයතන හතරේ සමස්‌ත අලාභය රු. 1781671,000 ක් (රු. එකසිය හැත්තෑ අට කෝටි දහසය ලක්‍ෂ හැත්තෑ එක් දහසකි.) එම ආයතන වෙන් වෙන්ව ගත් කල මින් කන්තලේ සීනි කර්මාන්ත ආයතනයේ මුළු අලාභය රු. 9717,000 ක්‌ද, ලංකා සළුසල ආයතනයේ අලාභය රු. 834632,000 ක්‌ද. සමුපකාර තොග වෙළෙඳ සංස්‌ථාවේ අලාභය රු. 987724,000 ක් සහ රාජ්‍ය වාණිජ (සමුපකාර තොග වෙළෙඳ) සමාගමේ මුළු අලාභය රු. 1,1196,000 ක්‌ද වේ. මේ අලාභ තත්ත්වයන්ගේ බර දැරීමට සිදුව ඇත්තේ මහජනතාවටය.
No comments:
Post a Comment