Tuesday, May 28, 2013

මහ දවාලේ ලක්ෂ හැත්තෑවක් කොල්ලකති

ජාඇල පිහිටි සුප්‍රසිද්ධ ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන්ට ගෙවීම සඳහා රැගෙන ආ රුපියල් හැත්තෑ ලක්ෂයක් අද (28) දහවල් 1.45ට පමණ ආයුධ සන්නද්ධ කල්ලියක් විසින් කොල්ලකා පළා ගෙස් තිබේ. මෙම ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන්ට වැටුප ලබා දීම සඳහාබැංකුවෙන් මුදල් ලබා ගැනීමට එහි උසස් නිලධාරින් කිහිප දෙනෙකු මෝටර් රථයකින් බැංකුවට ගොස් තිබේ. මුදල් ලබා ගැනීමෙන් පසු යළි කම්හල වෙත පැමිණ ඇති අතර කම්හලේ ගේට්ටුව අසලදී එක්වරම සුදු පැහැති වෑන් රථයක් මෝටර් රථයට මග හරස් කර නවතා තිබේ. අනතුරුව ඉන් බැසගත් ආයුධ සන්නද්ධ පිරිස මුදල් අසුරා තිබූ බෑගය කොල්ලකා පළා ගොස් ඇති බව ජාඇල පොලිසිය කියයි.

No comments:

Post a Comment