Saturday, May 25, 2013

චෙන්නායි - මුම්බායි අවසන් මහ සටන හෙට

Indian Premier league final match scheduled tomorow

හයවැනි ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) අවසන් මහ තරගය චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර කොල්කටාහිදී හෙට (26) පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රි 8.00 ට ආරම්භ වීමට නියමිතය.
ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි මෙහෙයවන චෙන්නයි සුපර් කිංග්ස් පිල මීට පෙර 2010 සහ 2011 යන වසරවලදී පිට පිටම දෙවරක් ශූරයන් බවට පත්ව තිබේ. ප‍්‍රබල චෙන්නායි පිල මේ දක්වා පැවැති අයි. පී. එල්. තරගාවලි හයෙන් පහක අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ඇති අතර 2008 සහ 2012 වසරවලදී අනු ශූරයන් බවට පත්විය.
ඉන්දීය ප‍්‍රවේගකාරි පිතිකරුවකු වන රෝහිත් ශර්මා මෙවර නායකයා ලෙස කටයුතු කරන මුම්බායි ඉන්දියන්ස් පිල 2010 වසරේ අනු ශූරයන් බවට පත්ව තිබේ.   

ඉන්දීය හිටපු නායකයකු වන රාහුල් ද්‍රාවිඞ් මෙහෙයවන රාජස්ථාන් රෝයල්ස් පිල තෙවැනි ස්ථානයට පත්විය. කුමාර් සංගක්කාර නිත්‍ය නායකත්වය දැරූ සන්රයිසස් හයිද්‍රාබාද් පිල සිවුවැනි ස්ථානයට පත්ව සිටියි.
තරගාවලියේ ශූරයන්ට ඉන්දීය රුපියල් කෝටි 10 ක් හෙවත් ශ‍්‍රි ලංකා රුපියල් කෝටි 24 ක මුදල් ත්‍යාගයක් පිරිනැමේ. මෙවර ප‍්‍රධාන මුදල් ත්‍යාග හතර සදහා පමණක් ඉන්දීය රුපියල් කෝටි 25 හෙවත් ශ්‍රී ලංකා රුපියල් ලක්‍ෂ 60 ක් වෙන්කර තිබේ.
තරගාවලියේ අනු ශූරයන්ට ඉන්දීය රුපියල් කෝටි 7.5 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 18 ක් පිරිනැමේ. තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට ඉන්දීය රුපියල් කෝටි 3.75 ක් හෙවත් රුපියල් කෝටි 9 බැගින් ද හිමිවේ.
මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කරන ශ්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග අවසන් තරගයට ක‍්‍රීඩා කිරීමට නියමිතය.
මාලිංග මෙවර තරගාවලියේ තරග 16 කදී කඩුලූ 18 ක් දවාගෙන තිබේදකුණු ඉන්දීය දේශපාලන විරෝධතා හේතුවෙන් චෙන්නායි පිල නියෝජනය කිරීමට නියමිතව සිටි නුවන් කුලසේකර සහ අකිල ධනංජය තරගාවලියට සහභාගි වුයේ නැත.

No comments:

Post a Comment