Monday, May 27, 2013

අනුරාධපුර නීතිඥවරයාගේ බෙන්ස්‌ රියට ගිනි තබලා

අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වන එම්. එන්. එන්. ඩබ්ලිව්. මාරසිංහ මහතාට අයත් රුපියල් අනූලක්‍ෂයක්‌ පමණ වටිනා මර්සිඩීස්‌ බෙන්ස්‌ වර්ගයේ මෝටර් රථය ඒ මහතාගේ නිවස අසල නවතා තිබියදී කිසියම් පුද්ගලයකු විසින් ඉකුත් 24 වැනිදා උදේ ගිනි තබා අලාභ හානි සිදුකොට ඇත.

නීතිඥ මාරසිංහ මහතාට අයත් අනුරාධපුර නගරයේ ජයන්ති මාවතේ පළමුවන පටුමගේ පිහිටි නිවස ඉදිරිපිට එම රථය ගාල්කොට වෙසක්‌ පෝය දින හිතවතුන් පිරිසක්‌ සමග වෙනත් රථයකින් පොළොන්නරුව සෝමාවතී චෛත්‍යය වැඳ පුදා ගැනීමට ගොස්‌ සිටියදී මෙසේ රථයට ගිනි තබා ඇත.
 
මෝටර් රථයට ගිනි ගන්නා අයුරු දුටු අසල්වැසියකු විසින් වහා ක්‍රියාත්මකවී ගින්න නිවා දමා ඇත.

ගින්න නිවාදැමූ අසල්වැසියා විසින් මේ පිළිබඳව නීතිඥ මාරසිංහ මහතාට දුරකථනයෙන් දැනුම් දීමෙන් අනතුරුව ඒ මහතා යළි නිවසට පැමිණ සිද්ධිය පිළිබඳව අනුරාධපුර පොලිසියට පැමිණිලිකොට ඇත.

පර්සි කුරුනේරු

No comments:

Post a Comment