2014 ජනවාරි මාසයේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල දිනකට පැය 08 වසා දැමීමට තීරණය කර ඇතැයි ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
මෙම තීරණය ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපලේ ගුවන් ධාවන පථය අලුත්වැඩියා කිරීම සඳහා බවද පැවසේ.
ඒ අනුව එම පැය 08ක කාලය තුල මෙරටට එන සහ යන ගුවන් යානා හම්බන්තොට මත්තල ගුවන් තොටුපල හරහා මෙහෙයවීමට තීරණය කර ඇතැයි ද සඳහන්ය.
දැනටද කටුනායක ගුවන් තොටුපලේ ධාවන පථය පැයක පමණ කාලයක් නඩත්තු කටයුතු සඳහා වසා දමන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.
No comments:
Post a Comment