පසුගිය වසරේ වාහන බදු වැඩිකිරීමට පෙර තිබූ තත්ත්වයට පැමිණ නොතිබුණත් 2013 අප්‍රේල් මාසයේදී මෙරට වාහන ලියාපදිංචිය වැඩිවී තිබෙන බව කොටස් තැරැව්කාර සමාගමක් විසින් එළි දක්වනු ලැබ තිබෙන සමීක්‍ෂණ වාර්තාවකින් අනාවරණය කර තිබේ. මේ අනුව 2013 මාර්තු මාසයේදී මෙරට මෝටර් රථ 1,589ක් ලියාපදිංචි වී තිබෙන අතර අප්‍රේල් මාසයේදී මෝටර් රථ 1,974ක් ලියාපදිංචි වී ඇත.
මෙහිදී මෝටර් රථ ලියාපදිංචිය වැඩිවීමට ප්‍රධාන ලෙසම පාවිච්චි කරන ලද මෝටර් රථ ලියාපදිංචිය වැඩිවීම බලපා තිබෙන අතර අප්‍රේල් මාසයේදී එවැනි මෝටර් රථ 1,154ක් ලියාපදිංචි වී තිබේ. පෙබරවාරි මාසයේදී එවැනි මෝටර් රථ 583ක්ද, මාර්තු මාසයේදී මෝටර් රථ 778ක්ද ලියාපදිංචි වී තිබිණි. මෙම කරුණු අනාවරණය වන්නේ බ්ඕ කොටස් තැරැව්කාර සමාගම විසින් එළි දක්වනු ලැබ තිබෙන සමීක්‍ෂණ වාර්තාවක් මඟිනි. අප්‍රේල් මාසයේදී පාවිච්චි කළ ටොයොටා මෝටර් රථ ලියාපදිංචිය 820ක් දක්වා වැඩිවී තිබෙන අතර මාර්තු මාසයේදී එම ප්‍රමාණය 461ක් ලෙසත් ජනවාරි මාසයේදී 268ක් ලෙසත් පැවැතිණි.
මේ අතර පාවිච්චි කළ හොන්ඩා මෝටර් රථ අප්‍රේල් මාසයේදී 288ක් ලියාපදිංචි වී ඇත. මාර්තු මාසයේදී එම ප්‍රමාණය 281ක් වූ අතර 2012 අවසාන කාර්තුවේදී එය තිබුණේ 100ක පමණ මට්ටමකය.
වාහන බදු වැඩි කිරීමට පෙර මාසයකදී අලුත් මෝටර් රථ 3,500ත් 4,000ත් අතර ප්‍රමාණයක් මෙරට ලියාපදිංචි විණි.
මේ අතර ගෙවුණු අප්‍රේල් මාසයේදී මෙරට ත්‍රිරෝද රථ 8,280ක් ලියාපදිංචි වී තිබෙන අතර මාර්තු මාසයේදී ලියාපදිංචි වී තිබුණේ ත්‍රිරෝද රථ 6,864ක ප්‍රමාණයකි.
මේ අතර ගෙවුණු අප්‍රේල් මාසයේදී මෙරට ත්‍රිරෝද රථ 8,280ක් ලියාපදිංචි වී තිබෙන අතර මාර්තු මාසයේදී ලියාපදිංචි වී තිබුණේ ත්‍රිරෝද රථ 6,864ක ප්‍රමාණයකි.
No comments:
Post a Comment