Thursday, May 9, 2013

මන්ත්‍රීවරුන්ට පන්තියක්‌


වරප්‍රසාද ප්‍රශ්න සහ අතුරු ප්‍රශ්න ඉදිරිපත් කරන ආකාරය ගැන මන්ත්‍රීවරුන්ට කියාදීම සඳහා තමන් හෙට අනිද්දාම පන්තියක්‌ පවත්වන බව කථානායක චමල් රාජපක්‍ෂ මහතා ඊයේ (8 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

සභාවට ගරු කිරීමට මන්ත්‍රීවරුන් ඉගෙනගත යුතු බවද කථානායකවරයා කීවේය.

කථානායකවරයා මෙසේ ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරුන් රිතී ප්‍රශ්නයක්‌ යෑයි කියමින් ප්‍රශ්නයක්‌ ඉදිරිපත් කළ විටදීය.

අපි අහන ප්‍රශ්න ගැන, හැසිරෙන ආකාරය ගැන පාසල් ළමයින් බලාගෙන ඉන්නවා. වරප්‍රසාද ප්‍රශ්න රීති ප්‍රශ්න අහන ක්‍රමවේදයක්‌ තියෙනවා යෑයිද කථානායකවරයා කීවේය.


මුලාශ්‍රය දිවයින 

No comments:

Post a Comment