හැටන්, කොටගල නගරයේදී අද (29) විවෘත කිරීමට සැලසුම් කර තිබූ, අවමංගල්‍ය ශාලාවකට රැගෙන එමින් තිබූ මිනී පෙට්ටි 25 ක් රැගත් ලොරියක් සමග එහි රියදුරු පොලිස් භාරයට ගෙන තිබේ. තලවාකැලේ, ලිදුල විවිධ සේවා සමූපකාර සමිතිය මගින් කොටගල නගරයේ
නුවරඑළිය ප්‍රාදේශිය සභා කාර්යාලය ඉදිරිපිට පිහිටි එම සමිතියට අයත් ගොඩනැගිල්ලක අද පෙරවරුවේ අවමගල්‍ය භාණ්ඩ වෙළඳ සලක් විවෘත කිරීමට නියමිතව තිබිණ. මිනී පෙට්ටි සාප්පුවක් විවෘත කිරීමට එරෙහිව මහජන විරෝධයක් පැවති නිසා නගරයේ වෙනත් ස්ථානයක එය විවෘත කරන ලෙස තලවාකැලේ, ලිදුල සමූපකාර සමිතියේ සභාපතිවරයාගෙන් නුවරඑළිය ප්‍රාදේශිය සභාවේ සභාපති එස්. සදාසිවම් හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වී.රාමක්‍රිෂ්ණා යන මහත්වරුන් ඉල්ලීමක් කර ඇත. විරෝධතා කරුවන් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගය හරස් කිරීම හේතුවෙන් එම මාර්ගයේ ඊයේ (28) රාත්‍රී 9.00 සිට 11.00 දක්වා වාහන ධාවනයට බාධා පැමිණ තිබුණි. මාර්ගය අවහිර කරමින් සිටි පිරිස
මිනී පෙට්ටි පැටවූ ලොරි රථයට ගිනි තැබීමට සූදානම්ව සිටියදී එම ලොරිය හා රියදුරු මුදවා ගෙන පොලිස් භාරයට ගත් බව දිදුල පොලිස් ස්ථානාධිපති උ.පො.ප ඒ.එන් දසනායක මහතා පැවසීය.
ගාමිණී බණ්ඩාර ඉලංගතිලක
No comments:
Post a Comment