දුරකථන සමාගමකට අයත් බව කියන තඹ කම්බි තොගයක් වංචනිකව ලබාගෙන ඒවා උණුකර විවිධ තඹ පළඳනාවන් නිපදවා අලෙවි කළ බවට සැක කරන පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට ගෙන ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වනු ලබන බව කෑගල්ල පොලිස් අපරාධ මෙහෙයුම් අංශයේ නිලධාරියෙක් සඳහන් කෙළේය.
කෑගල්ල පොලිස් දිසාවේ කඩිගමුව ගම්මානයේ පදිංචිකරුවෙකු මෙසේ සිද්ධියට අදාළව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, වයස අවුරුදු තිහක් තරම් වන මේ පුද්ගලයා දෙදරු පියකු බව ද, රුපියල් ලක්ෂයකටත් වඩා වටිනා දුරකථන රැහැන් හා තඹ කම්බි ද ඔහු සතුව තිබුණු බව ද පොලිසිය පවසයි.
අදාළ දුරකථන සමාගමට සම්බන්ධ කොන්ත්‍රාත්කරුවකු ද වන මෙම තැනැත්තා සේවයේ යෙදී සිටින අවස්ථාවලදී තම සේවාවේ අවශ්‍යතා පෙන්වා මෙම කම්බි ආදිය ලබාගෙන සොරකම් කැර කපාගෙන ගොස් ඇති අතර කොන්ත්‍රාත්කරුවකු ලෙසට දුරකථන ආයතනයේ නිලධාරීන් විසින් ඔහු පිළිගෙන තිබීම මත ඔහු කෙරෙහි කිසියම් සැකයක් නොපැවතීම නිසා මෙම ජාවාරමට ඉඩකඩ ලැබී ඇත.
No comments:
Post a Comment