Thursday, May 16, 2013

කොකා කෝලා රහස් වට්ටෝරුව e-bay වෙබ් අඩවියේ

කොකා කෝලා හී වට්ටෝරුව අවුරුදු 125ක් පුරා රහසක්ව පවතී ඉපැරණි වට්ටෝරුවේ පිටපතක් පරණ බඩු වෙළෙදාම් කරන්නෙකු වෙත ලැබී ඇති අතර ඔහු එය ඩොලර් මිලියන 15කට විකිණීම සදහා ඊබේ වෙබ් අඩවියට ඇතුලත් කර ඇත.
ක්ලිෆ් ක්ලූගේ නැමති මොහු කොකා කෝලා ආයතනය මුලින්ම ආරම්භ කල ජෝර්ජියා ප‍්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. ඔහුට මෙම පැරණි ලිපි හමුවී ඇත්තේ ඔහු ලගදී වෙන්දේසියකින් මිලදීගත් ලිපි පෙට්ටියක් තුලින් බව පැවසේ.
එකවර මිලදී ගන්නවා නම් ඩොලර් මිලියන 15ක් ලෙසත් වෙන්දේසි ක‍්‍රමයට මිලදී ගන්නවා නම් අඩුම ලන්සුව ඩොලර් මිලියන 5ක් ලෙසත් ක්ලූගේ මෙය විකීනීමට ඉදිරිපත් කර ඇත. ඔහු මෙය විකිණීම සදහා  වෙබ් අඩවියේ සදහන් කර ඇති මිලටම මෙය විකුණාගත හැකිවේ දැයි ඔහු සැක පල කර ඇති අතර අවම වශයෙන් එම ලිපි ඩොලර් ලක්ෂ ගණනකටවත් විකුණාගත හැකිවෙතැයි ඔහු විශ්වාස කරයි.
මෙම ලිපි වෙබ් අඩවියේ විකිණිමට දමා ඇති අවසාන දිනය ලෙස මැයි මස 11 වන දින රාති‍්‍ර 10.11 සදහන්ව ඇත. මෙම ලියවිලි කවුරුන් හෝ මිලදී ගත්තද කොකා කෝලා පානය නිපදවිය නොහැකි බව සදහන් කරන ක්ලූගේ එම ලිපිවල සදහන් කර ඇති පරිදි එහි ඇති ඇතැම් ද්‍රව්‍ය නිපදවිය හැක්කේ මේවුඞ් හී පිහිටි සමාගමකට පමණක් බවත් එම සමාගම කොකා කෝලා සමාගමට හැර වෙන කිසිවෙකුටත් එය නොවිකුණන බව පැවසේ.
වසර 70ක් පමණ පැරණි මෙම ලිපි වලට අනුව මෙම වට්ටෝරුව නිපදවීම සදහා මාසයක පමණ කාලයක් ගතවන අතර මෙය ඉතා සංකීර්ණ කි‍්‍රයාදාමයක්ද වනු ඇත.




http://www.ebay.com/itm/Coca-Cola-Recipe-Formula-Letter-January-15-1943-Historical-Document-/121110740676?

http://www.dailymail.co.uk/news/article-2324106/Coca-Cola-formula-Georgia-man-says-secret-1943-recipe-Coke.html?ito=feeds-newsxml

http://newsfeed.time.com/2013/05/14/original-coca-cola-recipe-for-sale-on-ebay/

No comments:

Post a Comment