පරිගණක ආශ‍්‍රයෙන් අනවසරයෙන් දත්ත ලබා ගන්නන් ඉතා ප‍්‍රචලිත පරිගණක මෘදුකාංගයක් වන Internet Explorer හී තිබුනු දෝෂයක් සොයා ගැනීමත් සමග එම මෘදුකාංගය ඇති පරිගණකයන් හානි පැමින විය හැකි බව සොයා ගෙන ඇත.
මෙම හැකර් වරුන් ඇමරිකාවේ න්‍යෂ්ටික අවි පරයේෂකයන් ගේ පරිගණක වලට ප‍්‍රහාර එල්ල කර ඇත. IE8 බ‍්‍රව්සරය මෙම දෝෂය සොයා ගැනීමට මුල් වුන පාර්ශවයන් තවමත් හදුනාගෙන නොමැති අතර මෙම ප‍්‍රශ්ණය watering-hole ගණයේ ප‍්‍රශ්ණයක් බවත් මෙම වෛරසයේ ඉලක්කය වී සිටින්නේ ඇමරිකානු රාජ්‍ය සේවකයන් බව පැවසේ.
මෙය පැමිණ ඇත්තේ රාජ්‍ය සේවකයන් බහුලව භාවිතා කරන වෙබ් අඩවියකින් වන අතර මෙම වෙබ් අඩවියට න්‍යෂ්ටික පරයේෂකවරු වැඩිපුර ඇතුලූ වන බවත් සදහන් වේ. මයික්‍රොසොෆ්ට් ආයතනය පසුගිය සිකුරාදා IE8 වල ඇති මෙම දෝෂය පිළිගත් අතර එම දෝෂය නිවැරදි කිරිමට නොහැකි වුවහොත් IE8 භාවිතා කරන සාමාන්‍ය ජනයා ගේ පරිඝණක වෙත ට්‍රෝජන් වයිරස ඇතුලූ කිරීමට හැකර් වරුන්ට හැකිවනු ඇත.
මෙම දෝෂය සොයාගෙන ඇත්තේද මෙම ප‍්‍රහාරයෙන් අනතුරුව වන අතර මෙම ප‍්‍රහාරය ඇතලූ වී ඇත්තේ ඇමරිකානු කම්කරු දෙපාර්තමේන්තුවෙ නිල වෙබ් අඩවියෙන් බව පැවසේ. බෙන් වයිට්සිකෝන් පවසා සිටින්නේ මෙම වෛරසය ලෝකයේ දැනට භාවිතා වන ප‍්‍රධාන පෙළේ ප‍්‍රති වෛරස මෘදුකාංග දෙකකට ඇරෙන්න අනෙක්වායින් සොයා ගෙන නොමැති බවයි. මෙය එල්ල කර ඇත්තේ ඇමරිකාවේ බල ශක්තියට සම්බන්ධ පිරිස් හට බවද පැවසේ.
No comments:
Post a Comment