ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය මේ වසරේ පළමු මාස 04 තුළ ඇතිවූ වර්ෂා තත්ත්වය නිසා විදුලිබල මණ්ඩලය ජලය උපයෝගී කරගෙන විදුලිය නිපදවීමේ අපේක්ෂිත ඒකක ප‍්‍රමාණයට වඩා විදුලි ඒකක ප‍්‍රමාණයක් නිපදවාගෙන තිබෙන බවත්, එහි වටිනාකම රුපියල් බිලියන 17 කට අධික බවත් ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරයේ උපදේශක බන්දුල චන්ද්‍රසේකර මහතා සඳහන් කළේය.
මේ වසරේ පළමු මාස 04 තුළ ජල විදුලියෙන් නිපදවීමට බලාපොරොත්තු වූ ඒකක සංඛ්‍යාව ගිගාවොට් පැව 710 ක් බවත් එහෙත් ඇතිවූ වැසි තත්ත්වය නිසා මෙම මාස 04 තුළ ගිගාවොට් පැය 1662 ක් නිපදවා තිබෙන බවත්, එලෙස නිපදවීමේදී අපේක්ෂිත ඒකක ප‍්‍රමාණයට වඩා විදුලිය නිපදවීම නිසා මෙම මුදල උපයාගෙන තිබෙන බවත් ඔහු කියා සිටියේය.
මේ නිසා මෙහි වාසිය ඒකක 60 සිට 180 දක්වා විදුලිය පරිභෝජනය කරන ජනතාවට ලබාදෙන ලෙසද උපදේශකවරයා සඳහන් කළේය.
මේ වසර තුළදී ජල විදුලිය උපයෝගී කරගෙන ගිගාවොට් පැය 2828 ක් නිපදවීමට අපේක්ෂා කළත්, ඇතිවූ වැසි තත්ත්වය නිසා එම ප‍්‍රමාණය ගිගාවොට් 4000 කට අධික වන බවද ඔහු ප්වසා සිටියේය.
No comments:
Post a Comment