විනය සහ නීති විරෝධී සිද්ධීන් කිහිපයක් මුල්කරගනිමින් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙ අධිකාරිවරයා පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ වී තිබේ.
පසුගියදා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ පැවති අවුරුදු උත්සවයේදී තරගවලින් ජය ගත් රැඳවියන්ට ත්‍යාග ප්‍රදානය කිරීම සඳහා ප්‍රධාන අමුත්තා ලෙස අධිකරණ ඇප මත මුදාහැර සිටින උපකාරක පන්ති ගුරුවරයකු කැඳවීම මෙහිදී බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහිව එල්ලවී ඇති ප්‍රබල චෝදනාවක් වේ.
මෙම උපකාරක පන්ති ගුරුවරයා පසුගිය කාලයේ විභාග ප්‍රශ්න පත්‍රයක් හොරෙන් පිට කිරීමේ සිද්ධියක් සමබන්ධයෙන් රහස් පොලිස් අත්අඩංගුවට පත්ව පසුව ඇප මත මුදාහැර සිටින්නකු බව බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට අමතරව සිය නිල දුරකථනයෙන් අති විශාල ලෙස ජාත්‍යන්තර ඇමතුම් ලබා ගැනීම සහ මාසිකව තමන්ට හිමි ඉන්ධන ප්‍රමාණයට වඩා ඉන්ධන ලබා ගනිමින් දෙපාර්තමේන්තුවට අලාභ කිරීමේ චෝදනා දෙකක්‌ද බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහිව එල්ල වී ඇත.
මොහු සිය නිල දුරකථනයෙන් ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ලබා ගැනීම සහ අධික ලෙස ඉන්ධන භාවිත කිරීමේ සිද්ධීන් අනාවරණය වී ඇත්තේ ඉකුත් දිනවල බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විගණන අංශ මගින් සිදු කළ විමර්ශනයකදීය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් මත මෙම විමර්ශන ආරම්භ වී ඇතැයිද සඳහන් වේ.
මේ අතරේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ප්‍රධාන ලෑලි දොරටුව සහ ආරක්‍ෂිත යකඩ වැට අබලන් වී තිබියදී චෝදනා එල්ල වී ඇති බන්ධනාගාර අධිකාරිවරයා විසින් ඒ අසල අධික වියදමක් දරා දිය ඇල්ලක් ඉදිකරවීමේ සිද්ධියක්‌ද වාර්තා වේ. මේ වන විට එය "චන්දන ඇල්ල" ලෙසින් නිලධාරින් අතර ප්‍රකටව තිබෙන බව බන්නාගාර පොඩ්ඩෝ සඳහන් කරති.
No comments:
Post a Comment