ත්‍රස්ත මිසයිල ප්‍රහාරයකින් මීට වසර 15කට පමණ පෙර ඉරණතිව් මුහුදු ප්‍රදේශයට කඩාවැටී තිබුණු ඇන්ටනෝව් 24 ගුවන් යානයේ සුන්බුන් අතර තිබූ ජාතික හැඳුනුම්පතේ හිමිකාරිය දැනට යාපනේ පදිංචිව සිටින කාන්තාවක් බවට හඳුනාගෙන තිබේ.
තමා ඒ යුගයේදී ජාතික හැඳුනුම්පත සකසා ගැනීමට ඉල්ලුම්කර එය ප්‍රදේශයේ පැවැති වාතාවරණය හේතුවෙන් හැඳුනුම්පත ලැබීමට පෙර වවුනියාවේ පදිංචියට ගිය බව ඇය පොලිසියට පවසා ඇති අතර පසුව ජාතික හැඳුනුම්පත නියමිත ලිපිනයට එවා ඇති බවට ඇගේ සොයුරියක ඈට දැනුම් දී
එම ප්‍රදේශයට යන අයෙක් අත එය එවන බව දැනුම් දී තිබේ. ඒ අනුව එය ඈට ලබා දීමට බාරගත් පුද්ගලයා ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ යානයේ ගමන් ගත් මගියෙක් බවට රහස් පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණ මගින් අණාවරණය වී ඇත.
ලයන් එයාර් සමාගමට අයත්ව තිබූ මේ යානයේ සුන් බුන් ඉකුත් 4දා ගොඩගන්නා ලදී.
එහිදී සොයාගත් ගුවන්යානා කොටස් සම්බන්ධයෙන් රස පරීක්ෂක හා සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙනම විශේෂ පරීක්ෂණයක් අරඹා තිබෙන අතර එම කොටස් මේ වන විට පලාලි කඳවුර බාරයේ තබා ඇත. එහිදී සොයාගත් මිනිස් හිස් කබල් දෙක, අස්ථි කොටස් හා රෙදි කැබළි පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් පැවැත්වේ.
මුලාශ්‍රය දිනමිණ/ලංකාදීප
No comments:
Post a Comment